‘කඩාකප්පල්කාරීන්ට පොලිස් සහාය’ - ඇමෙරිකාව

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 4 සඳුදා - 18:56 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ලඟා වුවත් කඩාකප්පල්කරුවන් ඉවත් කිරීමට පියවර නොගත් බවයි සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයන් පවසන්නේ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

‘කඩාකප්පල්කාරීන්ට පොලිස් සහාය’ - ඇමෙරිකාව

00:03:40

කොළඹ මරදාන ,සමාජය හා සාමයික කේන්ද්‍රයේ කැඳවා තිබුණ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල් කර දැමූහ.

එය ඇමෙරිකාව ඇතුළු විදේශ රටවල් කීපයක තානාපති නිලධාරීන් ද සහභාගී වෙමින් සිටි සාකච්ඡාවකි.

අද සඳුදා සවස රැස්වීම ආරම්භ වී පැයකට පමණ පසු භික්ෂූන් වහන්සේලා අට දෙනකුද පමණ ඇතුළත් කණ්ඩායමක් පැමිණ රැස්වීම නවත්වන මෙන් තර්ජනය කල බවයි, ඊට සහභාගී වෙමින් සිටි නීතිවේදිනී ඩී.උයන්ගොඩ බීබීසී සංදේශයට කියා සිටියේ.

සිය සාකච්ඡාවට බාධා කළ පුද්ගලයන් අතුරුදහන් පුද්ගලයන්ගේ ඥාතීන්ට සහ විදේශ තානාපති නිලධාරීන්ට බැණ වැදුණ බව සාකච්ඡාවේදී විරෝධතාවාදීන්ට කොටුවූවෝ පවසති.

පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ලඟා වුවත් ඔවුන් කඩාකප්පල්කරුවන් ඉවත් කිරීමට පියවර නොගත් බවයි සාකච්ඡාවට සහභාගී වෙමින් සිටි පුද්ගලයන් පවසන්නේ.

මේ අතර තමන්ට එරෙහිව පැමිණිල්ලක් ඇති බව පොලිසිය දැනුම් දුන් බවත් නීතිවේදිනී ඩී.උයන්ගොඩ බීබීසී සංදේශයට ප්‍රකාශ කළාය.

ඇමෙරිකාව හෙලා දකියි

අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීම කඩාකප්පල් කර දමනු ලැබීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය තම නිලධාරීන් ද සහභාගී වෙමින් තිබුණ සාකච්ඡාවට බෞද්ධ භික්ෂූන් ද ඇතුළත් ප්‍රකෝපකාරී කණ්ඩායමක් විසින් බාධා කරන ලද බවයි පවසන්නේ.

එම අවස්ථාවේ පොලිසියේ හැසිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන ඇමෙරිකානු තානාපති කාර්යාලය, සාකච්ඡාව කඩාකප්පල් කර දැමීමේ විරෝධතාවාදීන්ගේ උවමනාවට පොලිසිය සහයෝගය දක්වන ආකාරයක් පෙනී ගිය බවයි සිය නිවේදනය මගින් කියා සිටින්නේ.

කඩාකප්පල්කාරීන් අසභ්‍ය වචන පාවිච්චි කරන ලද බවට නීතිවේදිනී ඩී.උයන්ගොඩ කරන ප්‍රකාශය ඇමෙරිකානු තානාපති කාර්යාලීය නිවේදනය මගින් ද තහවුරු කෙරෙන අතර තර්ජනාත්මක ස්වභාවයෙන් හැසිරුණ කණ්ඩායම වෛරී සටන් පාඨ හඬ නගමින් සිටි බවයි එමගින් කියා සිටින්නේ.

එම විරෝධතාවයට එක්ව සිටි අගුලාදල්ලේ ජිනානන්ද හිමියන් පවසන්නේ මරා දැමුණ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් අතුරුදහන් පුද්ගලයන් හැටියට සැලකිය නොහැකි බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.