තායිවාන් ගෑස් අනතුරින් විශාල ජීවිත විනාශයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 1 සිකුරාදා - 11:10 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අඩුතරමින් විසිහතර දෙනකුවත් මරණයට පත්ව තවත් තුන්සීයකට ආසන්න ජනකායක් තුවාල ලැබ සිටින බවයි තායිවාන් වාර්තාවන්හි දැක්වෙන්නේ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

තායිවාන් ගෑස් අනතුරින් විශාල ජීවිත විනාශයක්

00:01:31

තායිවානයේ දෙවැනි ප්‍රධාන නගරය වන ‘කාඔසියුන්ග්’ නගරයේ (Kaohsiung ) සිදු වූ බිහිසුණු ගෑස් පිපිරීම් කීපයකින් විශාල ජීවිත විනාශ යක් සිදු ව ඇති බව වාර්තා වෙයි.

අඩු තරමින් විසිහතර දෙනකුවත් මරණයට පත්ව තවත් තුන්සීයකට ආසන්න ජනකායක් තුවාල ලැබ සිටින බවයි තායිවාන් වාර්තාවන්හි දැක්වෙන්නේ.

එහි ලඟා වූ බීබීසී වාර්තාකරුවෙක් අනතුර පිළිබඳව තොරතුරු ගෙන එමින් කියා සිටියේ, එම ස්ථානය භූමි කම්පාවකට හෝ මහා කුණාටුවකට ගොදුරු වූ තත්වයකට සමාන විනාශයකට ලක් ව ඇති බවයි.

ගිනි නිවන හමුදා භටයන් සහ යුද හමුදාව මහජනයා බේරා ගැනීමේ නිරතව සිටින අතර ඔවුන් විනාශයේ මට්ටම තක්සේරු කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින බවයි, බීබීසී වාර්තාකරු පවසන්නේ.

ගෑස් පිපිරීමත් සමඟ දොළොස් දහසක් පමණ නිවාස බලශක්තිය නොමැති තත්වයකට පත්ව ඇති බවත් අනතුර සිදු වූ කලාපයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

අද දවස පුරාම රජයේ කාර්යාල සහ පාසල් වසා දමා තිබුණි.

තායිවාන් බලධාරීන් පවසන්නේ පිපිරීමට හේතුව තවමත් අපැහැදිලි බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.