'මහේල දැවැන්තයෙක්'

14 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:46 GMT

මහේල ජයවර්ධන. ශ්‍රී ලංකාවෙන් බිහිව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය අතික්‍රමණය කල දැවැන්තයන් අතලොස්ස අතර මුලින් ම ලියැවෙන නමක්.

ක්‍රිකට් ලෝකය වර්ණවත් කොට ‘ටෙස්ට්’ ක්‍රීඩාවෙන් සමු ගන්නා නමුත් එක් දින ක්‍රිකට් පිටිවල මහේල ජයවර්ධන පිත්තෙන් කරන හරඹය සහ පන්දු රැකීමේ දී දක්වන දස්කම් විස්කම් තවත් කලක් ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමට ලැබෙනු ඇත.

තුන් ඉරියව්වෙන්ම ක්‍රිකට් ක්‍රීඩාංගන අලංකාර කරන මහේල ජයවර්ධන නමැති ක්‍රීඩකයා තවත් පියවරක් පෙරට ගොස් සිටින්නේ, ශක්තිමත් නායකයකු හැටියට.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විස්තර විචාරක රොෂාන් අබේසිංහ සමග බීබීසී සංදේශය කළ මේ සාකච්ඡාවට සවන් දීමෙන් ඔබටත් මහේල ගැන අගැයීමක් සිදු කළ හැකි වීම නිසැකයි.