මැතිවරණය අබියස කොන්ග්‍රසයට ෂික් ඝාතන චෝදනා

17 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:06 GMT

රන් දෙවොල පාමුල ෂික් ජාතිකයෙක්

ඉන්දියාවේ මී ළඟ මහමැතිවරණය ,මේ වසරේ වසන්ත සමයේ පැවැත්වීමට නියමිතව ඇති අතර,පාලක කොන්ග්‍රස් පක්ෂය ඔවුන්ගේ මෑත ක්‍රියාකලාපය මෙන් ම අතීත ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද දැඩි තෙරපීමකට ලක් වෙමින් පවතී.

ෂික් ජාතිකයන් කෙරෙන් පළ වෙමින් ඇති විරෝධයඉන් මුල් තැනක් ගනී.

1984 වසරේ දී ෂික් ජාතිකයන් දහස් ගණනක් මරා දැමීමට හවුල් වූ කොන්ග්‍රස් පක්ෂ නිලධාරීන් පිලිබඳ තොරතුරු යටපත් කර දැමීමට ක්‍රියා කළ බවට කොන්ග්‍රස් පක්ෂයට එරෙහිව විවේචන එල්ල වී ඇත.

හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි රන් දෙවොලේ කඳවුරු ලා සිටි ෂික් සන්නද්ධ කණ්ඩායමට මාරක ප්‍රහාරයක් එල්ල කරන මෙන් නියෝග දීමට පෙර, බ්‍රිතාන්‍ය SAS බලකාය අගමැතිවරියට රහසිගතව උපදෙස් දී ඇති බවක් මෑතදී හෙළිදරව් වීමත් සමඟයි, ෂික් ඝාතන පිලිබඳ චෝදනා යළි කරළියට ආවේ.

පළිගැනීමේ ප්‍රහාර

ජිනීවා නගරයේ උද්ඝෝෂණයක නිරත ෂික් ජාතිකයන්.

රන් දෙවොලට එල්ල කළ ප්‍රහාරය පශ්චාත් ප්‍රචණ්ඩ ප්‍රහාර රැල්ලකට හේතු වූ අතර,ඉන්දිරා ගාන්ධි ඇයගේ ම ෂික් ජාතික ආරක්ෂක නිලධාරියකු ගේ පළි ගැනීමේ ප්‍රහාරයකින් මරා දමනු ලැබුණි.

ඉන් අනතුරුව ෂික් ජාතිකයන්ට එරෙහිව ප්‍රහාර රැල්ලක් එල්ල කෙරුණ අතර ප්‍රහාරකයන් දිරිමත් කල බවටයි, කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලකයන්ට චෝදනා එල්ල කෙරෙන්නේ.

වසර තිහක් ගතව ඇතත් ෂික් ඝාතන සම්බන්ධයෙන් වගකිව යුත්තන් අධිකරණය ඉදිරියට පමුණුවා නොමැත.

බීබීසියේ Andrew North දිල්ලි අගනුවර සිට ඉහත කී දේශපාලන පරිසරය විපරම් කරමින් සකස් කළ වාර්තාවකට ඔබට මෙතැනින් සවන් දිය හැකියි.