තනිකඩ කාන්තාවගේ ඉරණම

13 මාර්තු 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 13:16 GMT

‘තාම අවිවාහකයි? ඇයි ඒ? වයස කීයද දැන්?’

‘වයස විසි අටයි’

‘ඒක හරිම නරකයි. කොහොමද ඔහොම ඉන්නේ? කවුරුවත් හොයා ගන්න බැරි උනාද?’

සුරුචි ශර්මා දිවි ගෙවන්නේ මුම්බායි නුවර

මේ වයස අවුරුදු තිහට ලංවන ඉන්දීය තනිකඩ කාන්තාව දිනපතාම පාහේ මුහුණ දෙන දෙබස් ඛණ්ඩයයි.

සුරුචි ශර්මා දිවි ගෙවන්නේ මුම්බායි නුවර. ඉන්දියාවේ කාර්ය බහුලම නගරය. ඇය පැවත එන්නේ නාගරික මධ්‍යම පාන්තික පවුලකින්.

සුරුචි, ඩිජිටල් අලෙවිකරණ සහ සන්නිවේදන සමාගමක කලමණාකාරිනියක්. ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියකුත් සන්නිවේදනය සහ වෙළඳ ප්‍රචාරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවකුත් ඇය සතුයි.

ඇය ස්වාධීන ජීවිතයක සිහිනය හඹා යනවා. නමුත් විවාහය සඳහා සමාජයෙන් කෙරෙන නිරන්තර බල කිරීමට ඇය මුහුණ දෙන්නේ කෙසේද?

සුරුචි ශර්මා ගේ කතාවේ හඬ පටයට සවන් දෙන්න.