'වාර්තාකරණය අපරාධයක් නොවේ'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා - 18:29 GMT

වාර්තාකරණය අපරාධයක් නොවේ

මාධ්‍ය නිදහස වෙනුවෙන් අල් ජසීරා ආයතනය පෙබරවාරි විසිහත් වැනි දා ජගත් විරෝධතා දිනයක් ලෙස නම් කොට තිබේ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අල් ජසීරා ආයතනය පෙබරවාරි විසිහත් වැනි දා මාධ්‍ය නිදහස වෙනුවෙන් ජගත් විරෝධතා දිනයක් ලෙස නම් කොට තිබේ.

එම මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා වාර්තාකාරිනී මිනෙල් ෆර්නැන්ඩස් බීබීසී සංදේශයට කියා සිටියේ, දෙසැම්බරයේ පටන් අත් අඩංගුවේ සිටින සිය මාධ්‍ය සගයන් වෙනුවෙන් ඊජිප්තුවේ කයිරෝ අගනුවර නඩු පැවරෙන බ්‍රහස්පතින්දා විරෝධතා දිනය වශයෙන් නම් කැරුණු බවයි.

අල් ජසීරා විරෝධතාව

මාධ්‍ය නිදහස වෙනුවෙන් අල් ජසීරා ආයතනය පෙබරවාරි විසිහත් වැනි දා ජගත් විරෝධතා දිනයක් ලෙස නම් කොට තිබේ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මිනෙල් ෆර්නැන්ඩස්

‘වාර්තාකරණය අපරාධයක් නොවේ’ යන්න තේමා කොට ගත් ජගත් විරෝධතාව ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් ඇරඹුණේ එරට පුරවැසි හිටපු බීබීසී වාර්තාකාර පීටර් ග්රෙස්ටේ ඇතුළු තවත් මාධ්‍යවේදීන් තිදෙනකු නිදහස් කරන ලෙස බල කරමින්.

ත්‍රස්තවාදී චෝදනා

ඔහු ඇතුළු මාධ්‍යවේදීන් නව දෙනකුට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පවරා තිබෙන අතර සිවු දෙනකු ම සිටින්නේ ඊජිප්තු සිරගෙවල.

අල් ජසීරා ආයතනය පවසන්නේ ඒ සැම දෙනා වාර්තාකරණයේ නිරත ව සිටි බව.

මුල් පෙලේ ජාත්‍යන්තර මාධ්‍ය වේදීන් ගණනාවක් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් දියත් කැරුණු පෙත්සමකට අත්සන් තබා ඇත.

ඊජිප්තුවේ නඩු පැවරී තිබෙන අල් ජසීරා ඉංග්‍රීසි සේවාවේ මාධ්‍ය වේදිණී සූ ටර්ටන් ලන්ඩනයේ ට්‍රැෆල්ගාර් චතුරශ්‍රයේ දී විරෝධතා කරුවන් හා එක්වුණේ කළු බැලුම් බෝල ගුවනට යවමින්.

යේමනයේ සනා අගනුවර, ලෙබනනයේ බේරුට් අගනුවර මෙන් ම මැනිලා, ඉස්ලාමබාද්, අම්මාන්, නයිරෝබි, ඇන්කාරා, බර්ලින්, රියෝ, මොන්ට්‍රියල්, වොෂින්ටන්, කාබුල් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ අග නගරවලත් විරෝධතා පැවති බවයි අල් ජසීරා මාධ්‍ය ජාලය පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.