පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩ එළි වේ

26 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 16:31 GMT

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුල වඩාත් කාර්යක්ෂම මන්ත්‍රීවරුන් පස් දෙනා අතරින් හතර දෙනකු ම විපක්ෂයෙන් තේරී පත් වූ වන් බව පර්යේෂකයන් කණ්ඩායමක් පවසයි.

මහජන නියෝජිතයන් 225 දෙනකු ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරන manthri.lk තම සමීක්ෂණය සඳහා යොදා ගෙන ඇත්තේ 2013 අගෝස්තුව දක්වා වසරක් ඉක්මවූ කාලයයි.

සමීක්ෂණය කළ වෙරිටේ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මැල් බීබීසී සංදේශයට කියා සිටියේ ඡන්ද දායකයන්ට තමන් තෝරා ගත් නියෝජිතයන් කොයි තරම් සේවයක් පාර්ලිමේන්තුව තුල දී ඉටු කරන්නේ ද යන්න එමගින් තක්සේරු කළ හැකි බවයි.

වඩා ම කාර්ය ශූර මන්ත්‍රීවරුන් කවුදැ’යි නිශාන් ද මැල් ට සවන් දී බලන්න.