'දේශපාලනය තහනම්' සංඝ ආඥාවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 පෙබරවාරි 25 අඟහරුවාදා - 19:07 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ද නියෝජනය කරන බෞද්ධ නිකායක් තම පාර්ශවයේ භික්ෂුන් වහන්සේට දේශපාලනයේ නියැලීම තහනම් කිරීමට තීන්දු කොට තිබේ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ද නියෝජනය කරන බෞද්ධ නිකායක් තම පාර්ශවයේ භික්ෂුන් වහන්සේට දේශපාලනයේ නියැලීම තහනම් කිරීමට තීන්දු කොට තිබේ.

තරුණ හිමිවරුන් ඇතුළු ඇතැම් භික්ෂුන් වහන්සේගේ හැසිරීම කාලයක් තිස්සේ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙම තීන්දුවට එළඹුණු බවයි අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ සම ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලී හිමියන් බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

අගමැති වරයාට එරෙහි භික්ෂුන් වහන්සේලා ගේ විරෝධතාවක්

අගමැති වරයාට සන්දේශයක් භාර දීමට යාමේ දී පොලිසිය සමග ගැටීමත් කොළඹ කොටුවේ ගව ඝාතන විරෝධී උපවාසයක් ආශ්‍රිතව හට ගත් කලහකාරී තත්වයත් මීට ආසන්න හේතු වශයෙන් උන්වහන්සේ විසින් දක්වන ලදී.

බලපිටියේ මහ කප්පින්න සීමා මාලකයේ දී අමරපුර සිරි සද්ධම්මවංශ මහ නිකායේ සංඝ කාරක සභාව විසින් ගන්නා ලද තීන්දුව අනුව ස්වකීය නිකායට අයත් සංඝයා වහන්සේට දේශපාලනය හා උද්වේගකර හැසිරීම තහනම් කරන ආඥාවක් මහනායක හිමියන් විසින් පනවන ලද බව බලපිටියේ සිරි සීවලී හිමියෝ වැඩිදුරටත් පැවසුහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.