වවුනියාවේ ළමා ලිංගික අතවර ගැන පෙත්සමක්

10 පෙබරවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 13:03 GMT

වවුනියාවේ ළමා ලිංගික අතවර කරන වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමට නිලධාරීන් නිසි ලෙස කටයුතු නො කරන බවට චෝදනා නගමින් ලිංගික අතවර වලට ලක් වූ ළමුන් හා ඥාතීන් පිරිසක් උද්ඝෝෂණයක් හා පෙළපාලියක් පැවැත්වූහ.

වවුනියාව මහ රෝහල ඉදිරිපිටින් සඳුදා පෙරවරුවේ ආරම්භ වූ පෙළපාලිය දිසාපති කාර්යාලය දක්වා ගමන් කොට වවුනියාව අතිරේක දිසාපතිනි සරස්වතී මෝහනදාස් වෙත විශේෂ සන්දේශයක් ද බාර දෙන ලදී.

එහි සදහන් වූයේ වවුනියාවේ ළමා ලිංගික අතවර සිද්ධින් ඉහල යන නමුත් නිලධාරීන් ඒවා අවම කිරීමට කටයුතු නො කරන අතරතුර වැරදි කරුවන්ට එරෙහිව නිසි දඩුවම් කිරීමට උනන්දුවක් නො දක්වන බවයි.

ළමා අපචාරකයන් හට දඬුවම් පැමිණ වීමට පියවර ගන්නා බවට ජනාධිපති වරයා විසින් දී ඇති පොරොන්දුවක් ද සිහිපත් කරන පෙත්සම පීඩිතයන්ට වන්දි ගෙවන ලෙස ද ඉල්ලා සිටී.