අලුත් ගංජා නීතියක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජනවාරි 23 බ්‍රහස්පතින්දා - 17:43 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දේශීය වෛද්‍යවරුන්ට ඖෂධ නිෂ්පාදනය කර ගැනීම සඳහා කංසා වගා කිරීමේ අවසරය ලබා දීමට නව පනතක් ගෙන එන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සංදේශයට හෙළිදරව් කළේය.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දේශීය වෛද්‍යවරුන්ට ඖෂධ නිෂ්පාදනය කර ගැනීම සඳහා කංසා වගා කිරීමේ අවසරය ලබා දීමට නව පනතක් ගෙන එන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක සංදේශයට හෙළිදරව් කළේය.

දේශීය වෛද්‍ය වරුන් ලෙස ලියා පදිංචි වී සිටින අයට පමණක් රජයේ අධීක්ෂණය යටතේ සීමා සහිතව කංසා වගා කර ගැනීම සඳහා මින් ඉඩ සැලසෙන බවයි දේශීය වෛද්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

මේ වසරේ සිට ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ කංසා නීතිගතයි.

මීට අවුරුදු පහකට පෙරත් ඖෂධ වෙනුවෙන් කංසා වගාව නීතිගත කිරීමට උත්සාහ දැරූ නමුත් විරෝධතා මැද එය අත් හැර දැමීමට සිදු වුනා.

ලොව බොහෝ රටවල මරිජුවානා නොහොත් කංසා නීතියෙන් තහනම් නමුත් සමහර රටවල රජයේ පාලනයට යටත්ව කංසා භාවිතා කිරීමටත් වගාවටත් අවසර තිබේ.

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තය මේ වසරේ සිට කංසා නීතිගත කිරීමට කටයුතු කළ අතර මේ වසරේ අග සිට වොෂින්ටන් නගරයේත් කංසා තහනම ඉවත් වනු ඇති බවට බලාපොරොත්තු පළ වෙමින් පවතී.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.