ඒසීඑෆ් සේවක ඝාතනය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයකට සහාය

13 දෙසැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:27 GMT

ඝාතනයට ලක්වූ එසීඑෆ් ආයතනයේ සේවකයෝ

2006 අගෝස්තු මාසයේදී ඒසීඑෆ් ආධාර ආයතනයේ සේවකයන් පිරිසක් මුත්තූර් හිදී ඝාතනයට ලක් වීම පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන මෙන් කෙරෙන ඉල්ලීමට තම සහාය හිමි වන බව ඔවුන්ගේ ඥාතීහු පවසති.

ඝාතනයෙන් වසර හතක් ගත වීත් තමන්ට යුක්තිය ඉටු වී නොමැති බැවින් මේ ඉල්ලීම කරන බවයි, ඔවුන් පවසන්නේ.

මේ ඥාතීන් පිරිස සිය නම් ගම් හෙළි නොකරන මෙන් සංදේශයෙන් ඉල්ලා සිටියහ.