ඩොලර් පහළොස් ලක්ෂයක ඩයනසෝර් ඇට සැකිල්ලක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 27 බදාදා - 12:38 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දිග බෙල්ලක් සහ වලිගයක් සහිත ශාක භක්ෂික ඩයිනෝසෝර් උරගයාගේ පොසීලගත ඇට සැකිල්ල බොහෝ දුරට අංග සම්පූර්ණ තත්වයකයි පවතින්නේ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මෙයින් අවුරුදු ලක්ෂ පහළොවකට පමණ පෙර මිහිතලයේ සැරි සරමින් සිටි ඩයිනසෝර් යෝධ උරගයකුගේ ඇටසැකිල්ලක් එංගලන්තයේ බිලින්ග්ස්හර්ට්ස් (Billingshurst) නගරයේදී වෙන්දේසියේ විකිණීමට නියමිතව ඇත.

දිග බෙල්ලක් සහ වලිගයක් සහිත ශාක භක්ෂික එම ඩයිනසෝර් උරගයාගේ පොසීලගත ඇට සැකිල්ල බොහෝ දුරට අංග සම්පූර්ණ තත්වයකයි පවතින්නේ.

එම උරග අස්ථි පද්ධතියේ මුළු දිග මීටර් දාහතක්.

එම වෙන්දේසියේදී ඩයිනසෝර් ඇට සැකිල්ල ඩොලර් පන් ලක්ෂයකට අධික මුදලකට අලෙවි වනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් පවතී.

ඇට සැකිල්ල ගැහැණු ඩයිනසෝර් උරගයකුගේ යයි සැළකෙන අතර එය නම් කරනු ලැබ තිබෙන්නේ,’මිස්ටි’යනුවෙන්.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වයෝමින්’(Wyoming) ප්‍රාන්තයෙනුයි, එය හමු වී තිබෙන්නේ.

පෞද්ගලික ඉඩමකින් හමු වූවක් හෙයිනුයි, වෙන්දේසි කිරීමට නියමිත ඩයිනසෝර් උරග ඇට සැකිල්ල බ්‍රිතාන්‍යයට ගෙන ඒමට අවසර ලැබුණේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.