ස්ටුවර්ඩ් බ්‍රෝඩ්;ක්‍රිකට් පන්දුවේ අභියෝගය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 නොවැම්බර් 21 බ්‍රහස්පතින්දා - 18:10 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

එංගලන්ත පන්දු යවන්නා, ඕස්ට්‍රේලියානු ඇතැම් පුවත් පත් සහ ඇතැම් ක්‍රීඩා ලෝලීන්ගේ ද සරදමට ලක් වුනත් ඔහු මාධ්‍යයට කියා සිටියේ,දවස ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ දවසක් බවයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

එංගලන්ත -ඕස්ට්‍රේලියානු අළු බඳුන ක්‍රීඩාවලියේ පළමු තරඟය බ්‍රිස්බේන් නගරයේදී ආරම්භ වූ අතර, පළමු දිනයේ තරඟය නිම කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු අටකට ලකුණු 273 කට සීමා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

එම වාසිය එංගලන්ත කණ්ඩායමට ලැබුණේ,පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ඩ් බ්‍රෝඩ් ලකුණු හැට පහකට කඩුලු පහක් බිඳ දැමීමෙන්.

එංගලන්ත පන්දු යවන්නා, ඕස්ට්‍රේලියානු ඇතැම් පුවත් පත් සහ ඇතැම් ක්‍රීඩා ලෝලීන්ගේ ද සරදමට ලක් වුනත් ඔහු මාධ්‍යයට කියා සිටියේ,දවස ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ දවසක් බවයි.

“අද දිනය හරිම ප්‍රීතිමත් දිනයක්.පොඩි පොඩි සරදම් කිරීම් තිබුනා.ඒත් දවස ක්‍රිකට් වලට කදිමයි” ස්ටුවර්ඩ් බ්‍රෝඩ් ප්‍රකාශ කළේය.

පළමු ඉනිමේදී ඕස්ට්‍රේලියානු පිලේ බී.ජේ.හැඩින් නොදැවී ලකුණු 78 ක් ලබා ගැනීමට සමත් විය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.