ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි

29 ඔක්තෝබර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:06 GMT

ලෝක ජනගහනයෙන් කෝටි 350ක් කාන්තාවන්.

අවස්ථා රැසකින් පිරුණු ලොව, අවදානමෙන් ද පිරී පවතී.

දස ලක්ෂ සංඛ්‍යාත තරුණ ළඳුන් ගබ්සාවට ලක් වෙන්නේ පිරිමි දරුවන් පතන ඥාතීන්ගේ බලපෑමෙන්: ගැහැණු දරුවන්ගේ ලිංගේන්ද්‍රියේ චර්ම ඡේදනය බොහෝ දෙනාට සාමාන්‍ය දෙයක්.

සෝමාලියාවේ සියයට අනූ අටක් දැරියන් සහ කාන්තාවන් චර්ම ඡේදනයට ලක් කොට තිබේ.

ඒ අතර දැරියන්ට සුභාරංචියක්ද තිබේ: දැරියන් බොහෝ දෙනා දැන් ප්‍රාථමික පාසල්වලට ඇතුලත් කෙරේ.

එක් කෝටි හැට ලක්ෂයක්

විශේෂයෙන්ම උප සහරා අප්‍රිකාවේ සමහර දරුවන්ට පාසල හමාර කිරීමට වරම් නැහැ.

එක් කෝටි හැට ලක්ෂයක් යෞවනියෝ සෑම වසරකම දරුවෝ බිහි කරති: නයිජර් රාජ්‍යයේ වයස අවුරුදු පහළොවත් දහ නමයත් අතර සියයට අනූ පහක්ම මවුවරුය.

වැඩි විය පත් වෙද්දී ඔවුන්ට නව අභියෝගයන්ටද මුහුණ දීමට සිදුවේ.

ලිංගික කර්මාන්තය සහ කම්කරු මෙහෙය වෙනුවෙන් වැඩිපුරම ප්‍රවාහනය කෙරෙන්නේ කාන්තාවන්ය: ලෝක ව්‍යාප්ත මිනිස් ජාවාරමට වැඩිපුරම ගොදුරු වන්නෝ ඔවුන්ය.

සෑම කාන්තාවන් තිදෙනකුගෙන්ම එක් අයෙක්, සිය සැමියා හෝ පෙම්වතා අතින් අතවරයට ලක්වේ.

වෙනස් වෙන ලෝකය

කාන්තාවෝ රැකියා ක්ෂේත්‍රයේ ඉදිරි ගමනක යෙදී සිටිති: එහෙත් තවමත් ඔවුන්ට ලැබෙන්නේ පුරුෂයන්ට වඩා අඩු වැටුපක්.

කෙසේ නමුත්, ලෝකය වෙනස් වෙමින් පවතී.

මීට සියවසකට ඉහතදී සමඟ සසඳන විට දැන් ලොව සෑම රටකම පාහේ කාන්තාවන්ට ඡන්ද අයිතිය තිබේ.

ලිංග භේදය මත කෙරෙන නොසලකා හැරීම් ගැන අවධානය වැඩි කෙරෙමින් එදාට වඩා අද කාන්තාවෝ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවි දරති.

අධ්‍යාපනය වඩාත් අවස්ථා විවර කරන බව බොහෝ දෙනාගේ මතයයි.

ලොවින් අඩකට අදට වඩා හඬක්: සියයක් කාන්තාවෝ - ලොවින් අඩක් ඔබ අමතයි.

බීබීසී ලෝක සේවයේ සියයක් කාන්තාවෝ වැඩසටහනින්