දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයාගේ දෝෂ දර්ශනයට

11 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 18:50 GMT

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකයාත් උතුරේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට එක්ව සිටිති.

දෙපාර්ශවයේ ම අවධානයට ලක් වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයයි.

දෙමළ ජාතික සන්ධානය එදා ප්‍රභාකරන් කී දේම කියා සිටින බව පවසමින්, දෙමළ ජාතික සංවිධානයේ මැතිවරණ ප්‍රතිපත්හි ප්‍රකාශනය ජනාධිපතිවරයා විසින් දෝෂ දර්ශනයට ලක් කෙරිණ.

ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැසුවේ රාජපක්ශ ආණ්ඩුව බවට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් චෝදනා එල්ල කොට තිබේ.

දෙපාර්ශවයේ ම ජන රැලිවලට සහභාවූ පිරිස් වවුනියාව නගරයේ දී මුන ගැසුනත් කිසිදු වාද විවාදයකින් තොරව විසිර ගිය බවයි අප වාර්තාකරු දිනසේන රතුගමගේ පැවසුවේ.