දිල්ලි නුවර සමුහ දුෂකයෝ වැරදිකරුවන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 10 අඟහරුවාදා - 17:58 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දිල්ලි නුවර දී බස් රථයක් තුළ විසි තුන් හැවිරිදි ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමූ බවට චෝදනා ලත් හතර දෙනකු ඉන්දීය අධිකරණය විසින් වරද කරුවන් කරනු ලැබිණි

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දිල්ලි නුවර දී බස් රථයක් තුළ කාන්තාවක දූෂණය කර මරා දැමූ බවට චෝදනා ලත් හතර දෙනකු ඉන්දීය අධිකරණය විසින් වරද කරුවන් කරනු ලැබිණි.

වරදකරුවන්ට දඬුවම් නියම කිරීම හෙට (බදාදා) සිදු කිරීමට නියමිත නමුත් විත්තියේ නීතිඥයන් කියා සිටියේ ඔවුන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවයි.

මෙම දූෂණයට සම්බන්ධ වූ බාල වයස්කාර පිරිමි ළමයෙකු ද සිටි අතර ඔහු පිළිබඳ ව වෙනම නඩු විභාගයක් පවත්වා වසර තුනකට පුනරුත්ථාපන ආයතනයක රැඳවීමට නියම විය.

අත්අඩංගුවට ගත් තවත් සැක කරුවකු නඩු විභාගයට පෙර රැඳවුම් භාරයේ සිටිය දී මිය ගිය බව වාර්තා විය.

පසුගිය දෙසැම්බරයේ දී සිදු වූ මෙම සමූහ දූෂණය නිසා ඉන්දියාව පුරා ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ රැසක් පැතිරී ගියේ ය.

මෙම සමූහ දූෂණයට ලක් වූයේ විසි තුන් හැවිරිදි ශිෂ්‍යාවක්.

එම සිද්ධියෙන් අනතුරුව ස්ත්‍රී දූෂණ පිළිබඳ ඉන්දීය නීතිය සංශෝධනය කිරීමට ඉන්දීය රජය පියවර ගත්තේ ය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.