රුපියල ස්ථාවරත්වයකින් පවත්වා ගෙන යාමට හැකි වී තිබේ - මහ බැංකු අධිපති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 සැප්තැම්බර් 10 අඟහරුවාදා - 17:49 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

උද්ධමනය පාලනය කරමින් රුපියලේ අගය ස්ථාවරත්වයකින් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

උද්ධමනය පාලනය කරමින් රුපියලේ අගය ස්ථාවරත්වයකින් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ව්‍යාපාරික පුවත් සේවාවක් වන බ්ලූම්බර්ග් (Bloomberg) රූපවාහිනිය හා කළ සාකච්ජාවකදී ප්‍රකාශ කළේය.

අසල්වැසි ඉන්දියාව මුහුණ දෙන ආර්ථික බාධක මැඩ ගෙන ශ්‍රී ලංකාව සිය ආර්ථිකය පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

සුපුරුදු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ දිගටම ආයෝජනය කරන බවයි ඔහු කියා සිටියේ.

එහෙත් විචාරකයන් පවසන්නේ අලුතින් ආයෝජකයන් ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.