මන් මෝහන් සිං උත්තර් ප්‍රදේශ් හින්දු-මුස්ලිම් ගැටුම් හෙළා දකී.

9 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 14:26 GMT

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පසුගිය දා සිදු වූ හින්දු - මුස්ලිම් වාර්ගික ගැටුම් ඉන්දීය අගමැති මන් මෝහන් සිංගේ හෙළා දැකීමට ලක් විය.

එම ගැටුම් වලදී 28 දෙනකු මරා දැමුනා.

මේ වනවිට උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට යුද හමුදා යවා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රාන්තයේ ඇඳිරි නීතිය පැනවීමට ද පියවර ගෙන තිබෙනවා.

එම ප්‍රචණ්ඩ ගැටුම් අවුළුවා ලීම පිටුපස දේශපාලකයන් ක්‍රියාත්මක වීද ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි,උත්තර් ප්‍රදේශ ප්‍රාන්ත ආණ්ඩුව පවසයි.

මුශාෆර් නගරයේ විනිසකරු කෞෂල් රාජ් ෂර්මා මහජනයාගෙන් ඉල්ලීමක් කරමින්,ගැටුම් ඇති වීමේ අනතුරක් පවතින හෙයින් එම කලාපයට පිවිසීමෙන් වැලකීම යහපත් බවයි කියා සිටියේ.

ඉහත කී ගැටුම් ආරම්භ වුනේ,ප්‍රදේශයේ කාන්තාවකට හිරිහැර කලේ යයි පවසමින්,මිනිසුන් තුන් දෙනකු මරා දැමීමේ සිද්ධියකින් පසුවයි.