ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුතින් (Vladimir Putin) කාන්තා යට ඇඳුමකින් සැරසී සිටින චිත්‍රයක්

3 සැප්තැම්බර් 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:06 GMT

චිත්‍රයක් ප්‍රදර්ශනයට තබා තිබූ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ කළා භවනේ අධ්‍යක්ෂවරිය Tatyana Titova කෙටි වේලාවක් පොලීසිය විසින් ප්‍රශ්න කොට තිබෙනවා. අද අලුයම හතරට පමණ තමා පොලීසියට ගෙන ගොස් කිසිදු හේතුවක් නොදක්වා පැය තුනක් රඳවා ගෙන සිටි බව ඇය ප්‍රකාශ කළාය. ඉකුත් සතියේදී රුසියානු පොලීසිය විසින් කළා භවන වටලා එහි තිබූ රුසියානු දේශපාලකයන් හාස්‍යයට ලක් කෙරෙන චිත්‍ර හතරක් අත් අඩංගුවට ගන්නා ලදී. චිත්‍ර ශිල්පී කොස්ටන්ටීන් අල්ටුනින් (Konstantin Altunin) රටින් පලා ගොස් ප්‍රංශයේ දේශපාලන රැකවරණ පතා සිටියි. කළා භවන පොලීසිය විසින් සීල් තබා ඇත.