එල්ටීටීඊ අපරාධ ගැනත් සොයන්න -නවී පිල්ලේ ගෙන් ඉල්ලයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 30 සිකුරාදා - 18:04 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරය ඇතුළු කොටි සංවිධානය සිදු කළ අපරාධ පිළිබඳවද පරීක්ෂණ පවත්වන මෙන් උද්ඝෝෂකයෝ නවී පිල්ලේගෙන් ඉල්ලති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

යුධ අපරාධ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවලට එල්ල වී තිබෙන චෝදනා පිළිබඳව පමණක් නොව කොටි සංවිධානයේ අපරාධ පිළිබඳව ද පරීක්ෂණ පවත්වන මෙන් උද්ඝෝෂකයෝ පිරිසක් නවී පිල්ලේ ගෙන් ඉල්ලා සිටියහ.

'යුද්ධයෙන් මියගිය සහ අතුරුදහන්වූ රණවිරුවන්ගේ මාපිය දූදරු සංගමය' විසිනුයි, කොළඹ පැවති උද්ඝෝෂණය සංවිධානය කොට තිබුණේ.

නවී පිල්ලේ මහ කොමසාරිස්වරිය එල්ටීටීඊ යේ අපරාධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම අමතක කොට දමා ඇතැයි සංගමයේ කැඳවුම්කරු ආනන්ද ජයමාන්න පැවසීය.

අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මාලිගාවට එල්ල කළ ප්‍රහාරය ඇතුළු කොටි සංවිධානය සිදු කළ අපරාධ පිළිබඳවද පරීක්ෂණ පවත්වන මෙන් ඔවුහු ඉල්ලා සිටියහ.

විශේෂයෙන්ම එම අපරාධ සම්බන්ධයෙන් දැනට ජීවතුන් අතර සිටින එල්ටීටීඊ නායකයන්ට දඬුවම් ලබා දිය යුතු බව උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.