ගාල්ලේ තණතිල්ල වෙනුවෙන් 'කාල්ටන් සමාජය ගෙවනවා'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 23 සිකුරාදා - 12:35 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

රග්බි ශූරතාවලියක් පැවැත්වීම හේතුවෙන් හානි සිදු වූ ගාල්ල ක්‍රීඩාංගනයේ තණතිල්ල පිළිසකර කිරීමේ වියදමින් කොටසක් ගෙවන බවට කාල්ටන් ක්‍රීඩා සමාජය පොරොන්දු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි ශූරතාවලිය පැවැත්වීම හේතුවෙන් හානි සිදු වූ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතිල්ල පිළිසකර කිරීමේ වියදමින් කොටසක් ගෙවන බවට කාල්ටන් ක්‍රීඩා සමාජය පොරොන්දු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

ගාල්ල ක්‍රීඩාංගනයේ කාල්ටන් රග්බි ශූරතාවලිය

ප්‍රදේශවාසී දරුවන්ට අවසර නැති ක්‍රීඩාංගනයේ රග්බි තරඟ පැවැත්වීම විවේචනයට ලක්වී තිබේ

පසුගිය ජූලි මාසයේදී රග්බි ශූරතාවලිය පැවැත්වීම නිසා තණතිල්ලට බරපතල හානියක් සිදු වී නැති බව බීබීසී සංදේශයට කියා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස, තණතිල්ල පිළිසකර කිරීමෙන් අනතුරුව ඒ සඳහා වැයවූ මුදල කාල්ටන් ක්‍රීඩා සමාජයෙන් ලබා ගන්නා බව ද පැවසීය.

ප්‍රදේශවාසී දරුවන්ගේ කිසිදු ක්‍රීඩාවක් වෙනුවෙන් අවසර නොලැබෙන ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් අවසර ලැබුනේ ජනපති පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කාර්ල්ටන් තරඟාවලිය සංවිධානය කිරීම නිසා බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කළ නමුත්, ශ්‍රී ලංකාවේ සියලු ක්‍රීඩාංගන සියලු ක්‍රීඩා වෙනුවෙන් විවෘත විය යුතු බවයි, රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කොට තිබුණේ.

රහසිගත හඬ පටය

ශ්‍රී ලංකාවේ වෙනත් ක්‍රීඩාංගනවල මෙන්ම ලොව පුරා වෙනත් රටවලද ක්‍රිකට් පිටිවල රග්බි ඇතුළු වෙනත් ක්‍රීඩා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස ද අවධාරණය කරයි.

මේ අතර බංග්ලාදේශ ප්‍රීමියර් ලීග තරඟාවලිය අතරවාරයේ තරඟ පාවාදීමේ උත්සාහයක් පිළිබඳව දැනුම් නොදීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය කෞෂල් ලොකුආරච්චි ක්‍රීඩකයාට අවවාද කොට තිබෙන බව ද සභාපතිවරයා සංදේශයට කියා සිටියේය.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ද දැනුම් දී තිබෙන බවත් ඔහු කියා සිටියේය.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගයේ තරඟ පාවා දීමේ උත්සාහයක් බව සැලකුණ රහසිගත සංවාදයක් ඇතුලත් හඬ පටය පිළිබඳව තමා දැනුවත් නැති බවයි, සභාපතිවරයා සඳහන් කළේ.

ඩේලි මිරර් පුවත්පත විසින් මුලින්ම හෙළි කරන ලද එම හඬ පටය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළ නමුත් එම පරීක්ෂණයේ නිගමණය තවමත් ප්‍රකාශයට පත් වී නැත.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.