කොත්මලේ සිරි සුමේධා මෙහෙණියෝ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 22 බ්‍රහස්පතින්දා - 09:41 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බෞද්ධ භික්ෂුණීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු විනය පහදමින් ගෞතම බුදුන් වහන්සේ වදාළ උපදෙස් සුරැකි ලෙසින් ගැනෙන අත් පොතයි භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

බෞද්ධ භික්ෂුණීන් වහන්සේලා විසින් අනුගමනය කළ යුතු විනය පහදමින් ගෞතම බුදුන් වහන්සේ වදාළ උපදෙස් සුරැකි ලෙසින් ගැනෙන අත් පොත කියවන්නේ කොත්මලේ සිරි සුමේධා මෙහෙණින් වහන්සේ.

දස සිල් මාතාවක් ලෙසින් සිටි තරුණ වියේ පටන් පැවිදි වරම ලබනු පිණිස කොත්මලේ සිරි සුමේධා මෙහෙණින් වහන්සේ දැරූ වීරිය පලගත්තේ 1995දී. ඒ සියම් නිකායේ රන්ගිරි දඹුලූ පාර්ශ්වයේ මහනායක ඉනාමළුවේ සුමංගල මහ නාහිමියන් භික්ෂුනී ශාසනය ලංකාවේ යළි පිහිටුවීමට පෙරමුණ ගැනීමෙන්. අද රන්ගිරි දඹුලු සංඝ සභාවේ භික්ෂුණී ඒකකයේ සමස්ත ලංකා ලේඛිකා ධුරය උසුලන්නේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ. නැව්ගල භාවනා මධ්‍යස්ථානයේ දහම් පුරණ උන්වහන්සේ අත ඇති ග්‍රන්ථය භික්ෂුණි ප්‍රාතිමෝක්ෂය.

බෞද්ධ භික්ෂු භික්ෂුණී චර්යා පද්ධතිය ලේඛන ගත කොට ඇති ග්‍රන්ථ ප්‍රාතිමෝක්ෂයි. එය අයත් වන්නේ විනය පිටකයට. බෞද්ධ ගිහියන් ගේ ප්‍රාථමික ප්‍රාතිමෝක්ෂය සේ ගැනෙන්නේ පංච ශීලයයි. පැවිදි ශීලයට අයත් සියක් සංඛ්‍යාත ප්‍රාතිමෝක්ෂ වැඩියෙන්ම පනවා ඇත්තේ භික්ෂුණීන් සඳහා බව පෙන්වා දෙන්නේ කොත්මලේ සිරි සුමේධා මෙහෙණියෝ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.