මරා දැමුණු කයිරෝ විරෝධතා කරුවන් 500 ඉක්මවයි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 15 බ්‍රහස්පතින්දා - 13:40 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

නිල සංඛ්‍යා ලේඛන අනුව පන් සියයකට වැඩි පිරිසක් ඝාතනයට ලක්වූ කයිරෝ ප්‍රහාරය ජාත්‍යන්තර හෙලා දැකීමට ලක්වෙයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මහත් පිරිසකට මරු කැඳවමින් යුද හමුදාව විසින් ආණ්ඩු විරෝධීන්ගේ කඳවුරු බලය යොදා ඉවත් කරනු ලැබූඊජිප්තුවේ කයිරෝ අගනුවරඇඳිරි නීතිය ඉවත් කොට තිබේ.

වාහන ගමනාගමනය ආරම්භ වී ඇතත්, නගරයේ වීදි පුරා ඇත්තේ බිය ජනක නිහඬ බවක්.

නිල සංඛ්‍යාලේඛන අනුව මියගිය සංඛ්‍යාව පන් සියයකට අධිකයි. තුවාල කරුවන් ගණන තුන් දහසකට වැඩියි.

දෙවසරකට ඉහත දී ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනතාව වීදි බට තැන් පටන් ඊජිප්තුවේ වඩාත් ලේ වැගිරුණු දිනයයි මේ.

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කයිරෝවේ නසර් පුරයේ මුස්ලිම් දේවස්ථානයකට සිය ගණනින් ජනතාව එක් වී සිටින්නේ තම ඥාතීන් ගේ සිරුරු මිහිදන් කිරීමට ලබා ගැනීම සඳහා.

එහි සිටින බීබීසී වාර්තා කරුවකු පවසන්නේ, මරණ සිදූ වූ සැබෑ හේතු දැක්වෙන රෝහල් ලිය කියවිලි ලබා දීම ප්‍රතික්ෂේප කැරුණු වගට ඇතැම් පවුල් වල සාමාජිකයන් පැමිණිලි කරන බවයි.

බ්‍රහස්පතින්දා දවසේත් විරෝධතා පෙළපාලි සංවිධානය කොට තිබෙන බවයි මුස්ලිම් සහෝදරත්වය පවසන්නේ.

ඊජිප්තු ප්‍රචණ්ඩතා දැඩි ජාත්‍යන්තර හෙලා දැකීමට ලක් වී තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.