කයිරෝ නගරයේ ඇඳිරි නීතිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 14 බදාදා - 09:25 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

කයිරෝ ප්‍රහාර ජන ඝාතනයක් හැටියට විග්‍රහ කරන තුර්කිය, බලය පාවිච්චි කරනු ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි කියා සිටියේ

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඊජිප්තු බලධාරීන් කයිරෝ නගරයෙහි අද රාත්‍රියේ ඇඳිරි නීතිය පැනවීමට පියවර ගත් බව නිවේදනය කරනු ලැබුණි.

බලයෙන් පහ කෙරුණ ජනාධිපති ජනාධිපති මොහමඩ් මුර්සිගේ ආධාර කරුවන් හමුදා බාධක බිඳ පෙරට යාමට උත්සාහ ගැනීමත් සමඟ අවට වීදිවල යලිත් ගැටුම් ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.

එහි සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ,විරෝධතාවාදීන් ගල් මුල්වලින් පහර දෙන ලද අතර,යුද හමුදාව ජීව උණ්ඩවලින් වෙඩි තැබූ බවයි.

ඊජිප්තුවේ වෙනත් පළාත්වලත් ගැටුම් සිදු වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

කයිරෝ නගරයේ සිදුවීම් ජාත්‍යන්තර වශයෙන් ද හෙලා දකිනු ලැබ ඇත.

කයිරෝ ප්‍රහාර ජන ඝාතනයක් හැටියට විග්‍රහ කරන තුර්කිය,විරෝධතාවාදීන්ට එරෙහිව බලය පාවිච්චි කරනු ලැබීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි කියා සිටියේ.

ඊජිප්තුව සිවිල් යුද්ධයකට ඇද වැටීමට ඇති හැකියාව වේගයෙන් මුහුකුරා යමින් පවතින බවයි,ඉරානය පවසයි.

ඊජිප්තු ආරක්ෂක හමුදා මුස්ලිම් සහෝදරත්වයේ ආධාර කරුවන්ට පහර දෙනු ලැබ ඇතැයි පවසන කටාරයත් එම ක්‍රියා හෙලා දැක ඇත.

මේ අතර ප්‍රකාශයක් කරන යුරෝපා හවුල, උපරිම සංයමයෙන් ක්‍රියා කරන මෙන් ඊජිප්තු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.