මහින්ද චන්ද්‍රසේකර

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 14 බදාදා - 13:36 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

යටත් විජිත සමයේ ලංකාවේ පරිපාලකයකු වූ රොබට් විල්සන් අයිවර්ස් ඉංග්‍රීසි ආණ්ඩුවේ නියමයෙන් ලියු පොතක් සමගින් කිවියර හා ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

යටත් විජිත සමයේ ලංකාවේ පරිපාලකයකු වූ රොබට් විල්සන් අයිවර්ස් ඉංග්‍රීසි ආණ්ඩුවේ නියමයෙන් ලියූ පොතක් සමගින් කිවියර හා ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර.

මහින්ද චන්ද්‍රසේකර උපන්නේ මැදවච්චියේ. කිරිගල්වැව, මුවඇටගම විද්‍යාලයයි ඔහුගේ මුල්ම තක්සලාව. කොළඹ විශ්ව විද්‍යාලයට පිවිස ආර්ථික විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය දිනූ චන්ද්‍රසේකරයන් ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයෙන්. ඒ සිංහල භාෂාව සඳහා. 1979 දී එලි දැක්වූ ‘කමටහන් අමතකය’ කවි පොතයි ඔහුගේ මුල්ම ග්‍රන්ථ කරණය. අම්පාර පානම් පත්තුවෙන් ගුරු දිවිය ඇරඹු චන්ද්‍රසේකරයන් සිංහල පිලිබඳ ගුරු උපදේශකයෙක් සහ රජරට විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක්. අනුරාධපුරයේ හිටපු බ්‍රිතාන්‍ය දිසාපති වරයකු ලියු පොතක සිංහල පරිවර්තනය කියවන මහින්ද චන්ද්‍රසේකර උතුරුමැද පළාතේ වත්මන් ආණ්ඩුකාරවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයායි.

රොබට් විල්සන් අයිවර්ස්

1872 දී බ්‍රිතාන්‍ය සිවිල් සේවයට බැඳුනු රොබට් විල්සන් අයිවර්ස්, 1878 පටන් තුන් දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ ඉහලම ධුර හෙබැවු අයර්ලන්ත ජාතිකයෙක්. බෙල්ෆාස්ට් හි රැජන විශ්ව විද්‍යාලයේ උගත් ඔහු කවියෙක්. අනුරාධපුර හා සීගිරිය ගවේෂණය සඳහා ලංකාවේ මුල්ම පුරාවිද්‍යා කොමසාරිස් එච් සී පී බෙල් හා එක්වූ ආර් ඩබ්ලිව් අයිවර්ස් රාජ්‍ය සේවයේ සිංහල භාෂාව කතා කිරීමෙහි සමත් අතලොස්ස අතුරින් එක් අයකු බවයි ඉතිහාසඥ ජේ ආර් තුසෝන් ලියා ඇත්තේ. රොබට් විල්සන් අයිවර්ස් ලියු Manual of the North Central Province, එදා වැව් බැඳි රාජ්‍යය හෙවත් උතුරු මැද පළාත් අත් පොත යනුවෙන් සිංහලට නැගුවේ ආචාර්ය එම් ජේ යු තෙන්නකෝන් හා වර්ෂා තෙන්නකෝන් යුවළ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.