වියට්නාම් යුද්ධයේදී කැලෑ වැදුණු දෙදෙනෙක් තවමත් වනයේ

9 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 17:28 GMT

මීට වසර හතළිහකට ඉහතදී වියට්නාම් යුද්ධය පැවති සමයේ සිය පුතු සමග අතුරුදහන් වූ පියෙකු තවමත් වියට්නාමයේ වනාන්තරයක ජීවතුන් අතර සිටින බව සොයා ගෙන තිබේ.

බෝම්බයකට හසුවී සිය පවුලේ සාමාජිකයන් තිදෙනෙකු මරණයට පත්වීමෙන් අනතුරුවයි දිවි බේරා ගැනීම සඳහා මෙම පුද්ගලයා සිය පුතු සමග කැලෑ වැදී ඇත්තේ.

දර කැඩීම සඳහා වනයට ගිය පිරිසකට මුණ ගැසුණු මෙම පුද්ගලයා අසූ දෙවැනි වියේ පසුවන අතර සිය පුත්‍රයා හතලිස් එක් වැනි වියේ පසු වෙයි.

පසුගිය සිව් දශකය පුරාවටම වනයෙන් පිටස්තර ලෝකය සමග මොවුන් දෙදෙනා කිසිදු සම්බන්දතාවක් පවත්වා නැත.

දීර්ඝ කාලයක් කිසිවෙකු සමග කතා බහ නොකළ හෙයින් පියා තම මව් භාෂාව ඉතා අපහසුවෙන් තෙපලූ අතර පුත්‍රයා දැනගෙන සිටියේ වචන දෙක තුනක් පමණි.

වන ඵල අහරට ගනිමින් දිවි ගෙවූ දෙදෙනා වසර හතළිහක් ජීවත් වී ඇත්තේ උණ ගස් යොදා තනා ගත් කූඩාරමකයි.