ඉනාමළුවේ සුමංගල හිමි

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 7 බදාදා - 11:43 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් සමුදාය රැගත් ත්‍රිපිටකය හඳුන්වා දෙන්නේ රංගිරි දඹුලු පාර්ශවයේ මහනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ථෙරවාද බුදු දහමේ ඉගැන්වීම් සමුදාය රැගත් විනය, සුත්‍ර හා අභිධර්මයෙන් සංගෘහිත ත්‍රිපිටක ග්‍රන්ථය හඳුන්වා දෙන්නේ රංගිරි දඹුලු පාර්ශවයේ මහනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙසින් පූජිත රංගිරි දඹුලු රජමහා විහාරයේ අධිපති ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් ළමා කල උගත්තේ දඹුල්ල මහා විද්‍යාලයේ. ගිහි දිවියේ හත් වැනි වියේ සසුන් පත් උන්වහන්සේ ද්විතීයික අධ්‍යාපනය නිමවා විශ්ව විද්‍යාලයේ දී යොමු වූයේ පුරා විද්‍යාවට. මානව පුරා විද්‍යාව, අභිලේඛනය, සංරක්ෂණය හා කැනීම් තහවුරු කිරීමද ගවේෂණය කළ උන්වහන්සේ ප්‍රාචීන පණ්ඩිත හිමි නමක්. සියම් නිකායේ අස්ගිරි පාර්ශවයෙන් වෙන්වී අසුව දශකය මැද දඹුලු පාර්ශවය පිහිටුවා ගැනීමේ දී මෙන්ම ශ්‍රී ලංකාවේ පළමු බෞද්ධ ගුවන් විදුලිය රන්ගිරි ශ්‍රී ලංකා විකාශනයේත් පුරෝගාමී වූයේ ඉනාමළුවේ සුමංගල හිමියන්. ශ්‍රී ලංකාවේ භික්ෂුනී ශාසනය යළි පිහිටුවා ලීමෙහිද පෙරමුණ ගත්තේ උන්වහන්සේයි.

ත්‍රිපිටකය

බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසක් ඇවෑමෙන් පවත්වන ලද සේ ගැනෙන පළමු සංගායනාවේදී තුන් පිටකයකට බෙදා වෙන් කරන ලද ත්‍රිපිටකය පළමු වරට ග්‍රන්ථාරූඩ කරන ලද්දේ කිතු වසින් වසර අසූවකට පමණ ඉහත වළගම්බා රජ සමයේ දී මාතලේ අළු විහාරයේ දී. බුදුරජාණන් වහන්සේ පසේනදී කොසොල් රජතුමාට එක් එක් අවස්ථාවල සැවැත්නුවර දී දේශිත සූත්‍ර ධර්ම ඇසුරින් සංගෘහිත සංයුත්ත නිකායේ, කෝසල සංයුත්තය යි රන්ගිරි දඹුලු මහනායක හිමියන් ගේ තේරීම.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.