සමාජ වෙබ් අඩවි වලින් ශ්‍රී ලංකාවේත් හානි සිදුවේද?

6 අගෝස්තු 2013 අවසාන වරට යාවත්කාලීන කළේ 18:15 GMT

අන්තර් ජාල සමාජ වෙබ් අඩවියක සාමාජිකයන් විසින් හිංසනයට ලක් කිරීම හේතුවෙන් සිය දිවි හානි කර ගෙන ඇති බව පියා පවසන,14 හැවිරිදි හැනා ස්මිත් Hannah Smith දැරියගේ මරණය පිළිබඳව බ්‍රිතාන්‍යයේ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

හැනා ස්මිත් (Hannah Smith) දැරිය ඇගේ නිවසේ දී ගෙල වැළලා ගෙන මිය ගොස් තිබිණ.

ඇගේ පියා වන ඩේවිඩ් ස්මිත් ‘ Ask FM’ නමැති එම සමාජ වෙබ් අඩවිය දෝෂ දර්ශනයට ලක් කරමින් එහි අන්තර්ගතය පිළිබඳව දැඩි පාලනයක් පැවතිය යුතු බවට ඉල්ලා සිටියි.

හැනා ස්මිත් ගේ පවුලට සහය ලබා දෙන, ‘හිංසනයට එරෙහි හාබරෝ’ (Harborough Against Bullying) සංවිධානයේ මාරි කිංග් පැවසුවේ අන්තර් ජාලයෙන් ළමුන් ආරක්ෂාකර ගැනීම පිණිස නීතිය වෙනස් කළ යුතු බවයි.

දැරිය හිංසනයට ලක් කළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවත් ඇය කියා සිටියාය.