උතුරේත් දකුණේත් මර්දනය දැඩි කරලා - උද්ඝෝෂකයෝ (වීඩියෝව)

අවසාන යාවත්කාලීන කිරීම :  2013 අගෝස්තු 5 සඳුදා - 13:58 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

උතුරේ මෙන්ම දකුණේත් දැඩි මර්දනයක් ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුවට චෝදනා කරන උද්ඝෝෂකයෝ, හමුදාව වැලිවේරියේ ජනතාවට පහර දුන්නේ 'සැලසුම් සහගතව' බව පවසති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

උතුරේ මෙන්ම දකුණේත් දැඩි මර්දනයක් ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුවට චෝදනා කරන විරෝධතාවාදීහු, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මැදිහත්වීමේ සිදුවන්නේ ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය නිසා බව පවසති.

බ්‍රහස්පතින්දා වැලිවේරියේ උද්ඝෝෂකයන්ට හමුදාව පහරදීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ව්‍යාපාරය විසින් කොළඹදී සංවිධානය කොට තිබුණු උද්ඝෝෂණයක් අතරවාරයේ බීබීසී සංදේශයට අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේ, උතුරේ මෙන්ම දකුණේත් දැන් දැඩි මර්දනයක් දියත්වෙමින් තිබෙන බවයි.

"ඇත්තටම ජාත්‍යන්තර මැදිහත්වීම් ඇති කර ගන්නේ, නවනීදන් පිල්ලේලාට තුරුම්පු ලබා දෙන්නේ මේ ආණ්ඩුව," යනුවෙන් ද ඔහු පැවසීය.

"ඇත්තටම ජාත්‍යන්තර මැදිහත්වීම් ඇති කර ගන්නේ, නවනීදන් පිල්ලේලාට තුරුම්පු ලබා දෙන්නේ මේ ආණ්ඩුව"

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

වැලිවේරියේ ජනතාවට හමුදාව පහර දුන්නේ සැලසුම් සහගතව, 'ආණ්ඩුවේ නියෝග මත' බව ද ඔහු පැවසීය.

දකුණේ උද්ඝෝෂකයන්ට ආණ්ඩුව එල්ල කරන ප්‍රහාර ඔහු හැඳින්වූයේ ආණ්ඩුවේ 'ඔලමොට්ටල' ක්‍රියාවන් ලෙසින්.

දිගින් දිගටම සිදුවන මෙවන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා වලට එරෙහිව නැගී සිටීමට කාලය එළඹ ඇති බවයි, උද්ඝෝෂණය අතරවාරයේ ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ කාන්තාවන් සදහා අයතිවාසිකම් සංවිධානයේ සුමනා බෙනරගම කියා සිටියේ.

2009 දී යුද්ධය අවසන් වූවාට පසුව හමුදා සෙබළුන් සාමාන්‍ය ජිවිතවලට යොමු නොකොට ඔවුන් අතට යලි තුවක්කු ලබාදී සැබෑ ජනතා ප්‍රශ්න යටපත් කිරීමට උත්සාහ ගන්නා බවට උද්ඝෝෂණයට එක්ව සිටි චිත්‍ර ශිල්පී චන්ද්‍රගුප්ත තේනුවර ආණ්ඩුවට චෝදනා කළේය.

ආණ්ඩුව ගමන් කරන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන පරාජය කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ එකට එක් විය යුතු බවද ප්‍රජාතන්ත්‍රවාදය සදහාවූ ජනතා ව්‍යාපාරය අවධාරණය කරයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.