ජාවා දූපතට යාබදව බෝට්ටුව මුහුදු බත් වීමෙන් මිය ගිය සංඛ්‍යාව 15 ක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 25 බ්‍රහස්පතින්දා - 17:51 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඉන්දුනීසියාවේ ජාවා දූපතට යාබදව බෝට්ටුව මුහුදු බත් වීමෙන් පහළොස් දෙනකු මිය ගොස් ඇතැයි සහන සේවකයින් පැවසූ බව ඕස්ට්‍රේලියානු චැනල් 9 රුපවාහිනි සේවයේ ගීතා අතිකා බීබීසී සංදේශයට ප්‍රකාශ කළා.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඕස්ට්‍රෙලියාවට සරණාගතයන් රැගෙන යමින් තිබූ බෝට්ටුව ඉන්දුනීසියාවේ ජාවා දූපතට යාබදව මුහුදු බත් වීමෙන් පහළොස් දෙනකු මිය ගොස් ඇතැයි සහන සේවකයින් පැවසූ බව ඕස්ට්‍රේලියානු චැනල් 9 රුපවාහිනි සේවයේ ගීතා අතිකා බීබීසී සංදේශයට ප්‍රකාශ කළාය.

බේරාගත් පිරිසෙන් සමහරකු බටහිර ජාවා ප්‍රදේශයේ රඳවා ගැනීමේ මධ්‍යස්ථාන කරා ගෙන ගොස් ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

හතලිස් දෙනකු එහි සිටින අතර වයස අවුරුදු නවයට අඩු ළමයින් දහ දෙනකු ඒ අතර සිටින බව මාධ්‍යවේදිනී ගීතා අතිකා පැවසුවාය.

දිවි ගලවා ගත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මුණ ගැසුණු ඇය පැවසුවේ ඔවුන් මාස හතකට පෙර ඉන්දුනීසියාවට පැමිණ ඇති බවයි.

ඒජන්තයෙක්

පුද්ගලයන් ප්‍රවාහනය කරන ඒජන්තයකු (ශ්‍රී ලාංකිකයකු) පැමිණ ක්‍රිස්මස් දුපතට ගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් 10,000 ක් ඉල්ලා සිටි බවත් තමා සිය බිරිඳගේ ගාස්තුවද ඇතුළුව ඇමරිකානු ඩොලර් 20,000 ක් ඔහුට ලබා දුන් බවත් ශ්‍රී ලාංකික ධීවරයකු වන ඔහු තමාට පැවසුවේ යැයි ඇය සඳහන් කළාය.

ඉන්පසුව කුඩා බෝට්ටුවකින් ගොස් මුහුදු බත් වූ බෝට්ටුවට ගෙන ගිය බවයි ඇය පැවසුවේ.

බෝට්ටුව ගිලුණ අවස්ථාවාදී සිය බිරිඳ ජීවිතාරක්ෂක කබායක් ඇඳ සිටි නිසා දිවි ගලවා ගත් බව පැවසූ ඔහු තමා සිය දරුවා ද රැගෙන පැන ලී කොටයක් අල්ලා ගැනීමට උත්සාහ ගත් අවස්තාවේදී දරුවා විසිවී ගිය බවත් ශ්‍රී ලාංකික ධීවරයා තමාට පැවසූ බව ඕස්ට්‍රේලියානු චැනල් 9 රුපවාහිනි සේවයේ ගීතා අතිකා තවදුරත් ප්‍රකාශ කළාය.

බෝට්ටුවේ කොපමණ පිරිසක් ගමන් කළේද යන්න තවමත් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කොට නැතත් බේරා ගත් පුද්ගලයන් ප්‍රකාශ කළේ දෙසියයකට වැඩි පිරිසක් එහි ගමන් කළ බව යැයි ඇය පැවසුවාය.

මේ වන විට එක සිය අසු නව දෙනකු බේරා ගෙන ඇති බවද බව ඕස්ට්‍රේලියානු චැනල් 9 රුපවාහිනි සේවයේ ගීතා අතිකා තවදුරටත් ප්‍රකාශ කළාය.

ජාතික හදිසි අවස්ථාවක්

මේ අතර ඕස්ට්‍රේලියානු විරුද්ධ පක්ෂ නායක ටෝනි ඇබට් පැවසුවේ තමා බලයට පත්වුවහොත් මේ අර්බුදය ජාතික හදිසි අවස්ථාවක් ලෙස සලකා නීති විරෝධී පුද්ගල ප්‍රවාහනය නැවැත්වීම සඳහා ක්‍රියා කරන ලෙසට යුද හමුදා නායකත්වයට බාර දෙන බවයි.

ඊට ප්‍රතිචාර දැක්වූ ඕස්ට්‍රේලියානු අගමැති කෙවින් රඩ් පැවසුවේ මේ ඛේදවාචකය මගින් ඔස්ට්‍රේලියාව සරණාගතයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය වෙනස් කිරීමේ අවශ්‍යතාව මතු කෙරෙන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.