අපේ දුකත් බලන්න එන්න - බත්තලන්ගුණ්ඩුව දූපත්වාසීන්ගෙන් ජනපතිට ආයාචනයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජූලි 24 බදාදා - 18:14 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ජනතාව ගේ දුක සැප විමසීම පිණිස ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දුක සැප නොවිමසන්නේ මන්දැයි බත්තලන්ගුණ්ඩුව දූපත්වාසීහු ප්‍රශ්න කරති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ජනතාව ගේ දුක සැප විමසීම පිණිස ශ්‍රී ලංකාව පුරා සංචාරය කරන ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය දුක සැප නොවිමසන්නේ මන්දැයි බත්තලන්ගුණ්ඩුව දූපත්වාසීහු ප්‍රශ්න කරති.

"ජනාධිපති තුමාට අපි කියන්නේ ඇවිත් අපිවත් බලලා යන්න කියල," යනුවෙන් බත්තලන්ගුණ්ඩුව දූපත්වාසී ධීවර කාන්තාවක වන හියරිනා ප්‍රනාන්දු ආයාචනයක් කරන්නීය.

ඇය, දූපතේ වෙසෙන වයෝවෘද්ධම කාන්තාව වන මේබල් ප්‍රනාන්දු ගේ නැගණියයි.

Mable Fernando

'මම දරුවන්ට කියන්නේ අපේ පරම්පරාවෙන්ම මුහුදු රස්සාව අත් හරිමු. කරන්න බෑ. අමාරු රස්සාව'

දිනෙන් දින ඉහල යන ඉන්ධන මිල සහ කිසිදු පහසුකමක් නොමැති වීම හමුවේ දූපත්වාසීන්ට තවදුරටත් ධීවර කර්මාන්තයේ නිරත වීම ඉතා දුෂ්කර බවයි, මේබල් ප්‍රනාන්දු පවසන්නේ.

"මුහුදු රස්සාව පොඩ්ඩ, පොඩ්ඩ නැති වේගෙන තමයි එන්නේ," යනුවෙන් ඇය මා හා පැවසුවේ පසුගියදා මා කල්පිටිය මුහුදේ දූපත්වල සංචාරයක නිරත වූ අවස්ථාවේදී.

"අලුත් පරම්පරාව දැන් ධීවර රස්සාව කරන්නේ නෑ. කරන්න බෑ."

දස දහසකට ආසන්න බත්තලන්ගුණ්ඩුවේ ධීවරයෝ බෝට්ටු 400 ක හිමි කරුවෝය. එහි ධීවර වාඩි දහසක් පමණ තිබෙන බව ද ඇය පවසන්නීය.

කල්පිටිය මුහුදේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් විශාලම දූපතේ රෝහලක්, පාසලක් මතු නොව කිසිම වාහනයක් පවා නැතත් සියලුම ධීවරයන් පාහේ ජංගම දුරකතනයක හිමිකරුවන්.

දූපත්වාසීන් ගේ ඉරණම කෙරෙහි බලධාරීන් ගේ අවධානය යොමු නොවීම නිසාම සිය පරම්පරාගත රැකියාව අත් හරින මෙන් තමා සිය දූ දරුවන්ට උපදෙස් දෙන බව ද වසර 35 ක් දූපතේ ගත කළ මේබල් මාතාව මා සමඟ කියා සිටියාය.

Saroj Pathirana (L) with Hiyarina Fernando & Mable Fernando

'ඉස්කෝලේ මොකුත් උගන්නන්නේ නෑ. ඒක හරියට මොන්ටිසෝරියක් වගේ. අවුරුදු පහේ ඉඳල දහය වෙන කම් සේරම දරුවෝ එකම පන්තියේ'

"මම දරුවන්ට කියන්නේ අපේ පරම්පරාවෙන්ම මුහුදු රස්සාව අත් හරිමු. කරන්න බෑ. අමාරු රස්සාව."

මෙයින් මාස කිහිපයකට පෙරාතුව දූපතේ තිබුණු එකම පාසල ද වසා දැමුණු බව පවසන දූපත්වාසීහු, ඒ පාසලේ පවා දරු දැරියන්ට නිසි අධ්‍යාපනයක් නොලැබුණු බවත් බීබීසී සංදේශයට කියා සිටියහ.

"ඉස්කෝලේ මොකුත් උගන්නන්නේ නෑ. ඒක හරියට මොන්ටිසෝරියක් වගේ. අවුරුදු පහේ ඉඳල දහය වෙන කම් සේරම දරුවෝ එකම පන්තියේ ඉගෙන ගන්නේ," මා නැඟූ ප්‍රශ්නය ට සොහොයුරියන් දෙදෙනාම එක් වර පිළිතුරු දුන්හ.

තමන් බොහෝ බරපතල ගැටලුවලට මුහුණ දෙමින් සිටින නමුත්, අන් බොහෝ දූපත්වාසීන්ට මෙන් නොව, තමන්ට අත්‍යවශ්‍යම අවස්ථාවක දී නාවුක හමුදාව තමන් ගේ පිහිටට සිටින බව ද බත්තලන්ගුණ්ඩුව දූපත්වාසීහු සංදේශය ට පැවසූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.