වතු සමිති නායක 'රතු කොඩි' රාමයියා සමුගනී

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මැයි 19 ඉරිදා - 17:28 GMT

දශක හයකට වැඩි කලක් ලාංකේය වාමාංශික ව්‍යාපාරයේ නියැලි වතු කම්කරු නායකයෙක් දිවියෙන් සමුගත්තේය.

ඕ ඒ රාමයියා නමින් ප්‍රකට ඔඩෙයාර් ආරුමුගම් රාමයියා හැත්තෑ හය හැවිරිදිව මියයන විට රතු කොඩි සමිතියේ නායකයායි.

රතු කොඩි සමිතියේ ප්‍රධාන ලේකම් ඕ ඒ රාමයියා එක්සත් සමාජවාදී පෙරමුණින් මුල්ම පළාත් සභා මැතිවරණයේ තරග වැදී ජයගත් මධ්‍යම පළාත් සභාවේ පළමු සභිකයන් අතුරින් අයෙක්.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු ලෙසින් දේශපාලන නායකත්වයද දැරූ ඕ ඒ රාමයියා ජ්‍යෙෂ්ට අමාත්‍ය මෙතැන ඔබන්න​ ඩිව් ගුණසේකර විසින් හඳුන්වනු ලැබුයේ ලංකා වාමාංශික ව්‍යාපාරයේ තුන්වැනි පරම්පරාවේ නායකයකු මෙන්ම දේශපාලන දැනුමින් පරිනත අයකු ලෙසින්.

දිවි හැර ගිය වතු සමිති නායකයා ගේ දේහය හැටන් පුරහලේ මහජන ගෞරවය පිණිස තබා අවසන් කටයුතු සඳුදා නාවලපිටියේදී පැවැත්වීමට නියමිත බව ඥාතීහු බීබීසීයට පැවසූහ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.