බෙනඩික්ට් ජෝසප් පියතුමා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 27 බදාදා - 13:25 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

'සමිඳුනට සවන් දෙමු' සමගින් ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ජාතික අධ්‍යක්ෂ බෙනඩික්ට් ජෝසප් පූජා ප්‍රසාදීන් වහන්සේ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

'සමිඳුනට සවන් දෙමු' සමගින් ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ජාතික අධ්‍යක්ෂ බෙනඩික්ට් ජෝසප් පූජා ප්‍රසාදීන් වහන්සේ.

දොම්පේ, තරාලේ සිරිකුරුස මිශ්‍ර පාසලින් මූලික අධ්‍යාපනය ලබා බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව් සත්හල වෙත බෙනඩික්ට් ජෝසප් පියතුමා ගියේ උසස් පෙළ දක්වා උගැන්මට. පූජක වරය ලැබීමේ නොතිත් ආසාවෙන් යුතුව එතැනින් අම්පිටියේ ජාතික දෙව් සත්හලට පිවිස යුරෝපා හා භාරත දර්ශනය ඇතුළු ශාස්ත්‍ර ගවේෂණයේ යෙදුනු උන්වහන්සේ රෝමයේ උර්බනියානො සරසවියෙන් දර්ශනවාදය සඳහා ශාස්ත්‍රවේදී උපාධියෙන් පුද ලැබූහ. හැත්තෑව දශකය මුලදී දේවධර්මාචාර්ය උපාධිධාරීව දෙව්සත් හලින් පූජකවරය දිනා බෙනඩික්ට් ජෝසප් පියතුමා මුල්වරට පිවිසුනේ අගනුවර අගරදගුරු මන්දිරයට. උන්වහන්සේ මුලින්ම සේවය කළේ කොළඹ මහ රෝහලේ උපාධ්‍ය පූජා ප්‍රසාදීන් වහන්සේ ලෙසින්. ඉන් අනතුරුව තමන් උගත් බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව් සත්හලට කථිකාචාර්ය වරයකු ලෙස එක්වී. සියවස් එකහමාරක් තිස්සේ මුද්‍රණයේ පවත්නා ඥානාර්ථ ප්‍රදීපය කතුවර ධුරයද ඉසිලූ බෙනඩික්ට් ජෝසප් පියතුමා ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පියතුමන්ද, මැල්කම් රන්ජිත් කාදිනල් තුමන්ගේ මාධ්‍ය ප්‍රකාශකද වෙයි. 35 වතාවකට වැඩි කලක් අඛණ්ඩව පවත්වාගෙන යන සිග්නීස් සිනමා උත්තමාචාර උළෙල මෙහෙයවන ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ජාතික අධ්‍යක්ෂ ධුරයද හොබවන්නේද බෙනඩික්ට් ජෝසප් පියතුමා.

'සමිඳුනට සවන් දෙමු' මුලින් පළවුයේ ඉංග්‍රීසියෙන්. ඇන්තනි ජේ පඕනේ ජේසු නිකායික පියතුමන් විසින් 1954 දී ලියූ My Daily Bread ලක්ෂ සංඛ්‍යාත කිතු බැතිමතුන් අධ්‍යාත්මික ශාන්තිය පතා නිබඳ ඇසුරු කරන පොත් පිංචක්. එම ලේඛනයේ ඩබ්ලිව් එම් ප්‍රනාන්දු පරිවර්තනය කියවන ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ජාතික අධ්‍යක්ෂ බෙනඩික්ට් ජෝසප් පියතුමා කතෝලික ජන සන්නිවේදනය මෙන්ම කතෝලික ජන වන්දනාව ඇතුළු විෂයාන්තර පොත් කීපයක කතුවරයායි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.