ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 24 ඉරිදා - 14:39 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් උදා වී, සංහිඳියාව ඇති වී, යුද අපරාධ චෝදනාවලට වැරදිකරුවන් වූවන් දඬුවම් ලබනු දැකීම බව සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් අවධාරණය කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් උදා වී, සංහිඳියාව ඇති වී, යුද අපරාධ චෝදනාවලට වැරදිකරුවන් වූවන් දඬුවම් ලබනු දැකීම බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් අවධාරණය කරයි.

Robert O Blake

'අපේ න්‍යාය පත්‍රය ලංකාවේ තිරසාර සාමයක් උදා වී, යුද අපරාධ චෝදනාවලට වැරදිකරුවන් වූවන් දඬුවම් ලබනු දැකීම'

ශ්‍රී ලංකාවේ සිදු වූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, ඒ සඳහා "ජාත්‍යන්තර යාන්ත්‍රණයක්" පිළිබඳව සිතා බැලීමට සිදුවන බවට ද ඔහු අඟවයි.

මානව හිමිකම්, භාෂණයේ නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට "බාධාවකින් තොරව" ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසිය යුතු බවට යෝජනාවේ මුල් කෙටුම්පතේ වූ සඳහන "අවසර දීම" යනුවෙන් වෙනස් කිරීම යෝජනාවේ සර බාල කිරීමක් නොවේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ, අවසර දීම යනුවෙන් තමන් අදහස් කරන්නේ බාධාවකින් තොරව අවසර දීම බවයි.

එල්ටීටීඊ ය මාර්ගයෙන් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට උත්සාහ දැරූ ජාතුන්තර බලවතුන් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ගයෙන් රට බෙදීමට උත්සාහ දරන බවට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා නඟන චෝදනාව පිලිබඳ ප්‍රතිචාරය පළ කරන ඔහු, එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සැබවින්ම මේ මොහොතේ කරමින් සිටින්නේ එහි පරස්පරය බව සංදේශයට පැවසීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.