සිනමාවේදී හා සාහිත්‍යවේදී ටෝනි රණසිංහ අත ඉංග්‍රීසි මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ 'හැම්ලට්' ශෝකාන්තය.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
සිනමාවේදී හා සාහිත්‍යවේදී ටෝනි රණසිංහ කියවන්නේ ඉංග්‍රීසි මහා කවි විලියම් ෂේක්ස්පියර්ගේ 'හැම්ලට්' ශෝකාන්තය.

රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නේෂස් ඇන්තනි සිල්වා ලෙසින් මෝදරින් ලොව පිවිස, සිව් දශකයක් ඉක්ම ගිය යුගයක් සිංහල රිදී තිරය අරා සිටින ටෝනි රණසිංහයන් සිය රංගන දිවිය ඇරඹුවේ 1963 දී ධර්මසිරි වික්‍රමරත්නගේ 'රන් තෝඩු' වේදිකා නාට්‍යයෙන් කරලියට ගොඩ වෙමින්. සිය මුල්ම රංග කාර්යය සඳහා ටෝනි හොඳම නළුවා ලෙසින් අග්‍රාණ්ඩුකාර සම්මානය දිනා ගන්නට සමත් වී. ඔහුගේ සිනමා රංගාවතරණය ඒ වසරේම ලෙස්ටර් ජේම්ස් පීරිසුන් අතින් තිරයට නැගුනු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'ගම්පෙරළිය'. ඉන් දෑවුරුද්දක් ඇවෑමෙන් ටෝනි හොඳම සහාය නළුවා සඳහා වන සම්මානය දිනා ගත්තේ ගාමිණී ෆොන්සේකාගේ 'පරසතු මල්' චිත්‍රපටයේ රංගනයට. 1969, 1976, 1979 තුන් වසරේම හොඳම නළුවා වී සිරිලක දිනුවේ ටෝනි රණසිංහ. නවකතා, නාට්‍ය, තිරකතා රචක ටෝනි රණසිංහයන් සාහිත්‍යයට කළ අමිල සම්ප්‍රදානය වන්නේ ෂේක්ස්පියරුන් ගේ ලෝ පතළ නාට්‍ය කීපයක්ම සිංහලයට නැගීම.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.