කොන්ත්‍රාත් අත්සන් තැබුවත් ක්‍රිකට් ක්‍රීඩකයෝ 'අසතුටින්'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 4 සඳුදා - 17:19 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගැටළු පිලිබඳව සලකා බලා කොන්ත්‍රාත්තුවට අත්සන් තැබූ නමුත් තමන්ට ලැබෙන දීමනා අඩු කිරීම පිළිබඳව ක්‍රීඩකයන්ගේ ප්‍රසාදයක් නැති බව ඔවුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගැටළු පිලිබඳව සලකා බලා වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් තැබූ නමුත් තමන්ට ලැබෙන දීමනා අඩු කිරීම පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ප්‍රසාදයක් නැති බව ඔවුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

Sri Lanka cricket team

අයිසීසීය සංවිධානය කරන තරඟ සඳහා අන් බොහෝ රටවල් සම්පූර්ණ මුදලම ක්‍රීඩකයන්ට ගෙවන බව ක්‍රීඩකයෝ පවසති

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමයේ ලේකම් කෙන් ද අල්විස් ඒ බව පැවසුවේ මේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තු අත්සන් තැබීම සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදය පිළිබඳව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

කෙසේ නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති උපාලි ධර්මදාස පවසන්නේ පවතින තත්ත්වය වටහා දීමෙන් අනතුරුව කිසිදු අසතුටක් නොදක්වා කොන්ත්‍රාත්තු අත්සන් තැබීමට ක්‍රීඩකයන් එකඟ වූ බවයි.

67% ක් ගෙවීම 'පැහැදිලි නෑ'

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ජාත්‍යන්තර තරඟාවලිවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙන මුදලින් සියයට විසිපහක් ක්‍රීඩකයන්ට ගෙවීම මේ වසරේ සිට අත් හිටුවීමට තීරණය කිරීම දෙපාර්ශවය අතර මේ ප්‍රශ්නය පැන නැගීමට තුඩුදුන් ප්‍රධානම ගැටලුවක්.

2003 වර්ෂයේ සිට මෙතෙක් පැවති ක්‍රියාදාමය බව පවසන ක්‍රීඩකයන්ගේ සංගමයේ ලේකම් කෙන් ද අල්විස්, වසරේ ආදායමෙන් සියයට 67 ක මුදලක් ක්‍රීඩකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය වන බවට පාලක මණ්ඩලය ඉදිරිපත් කරන තර්කයද ප්‍රතික්ෂේප කරයි.

කෙසේ නමුත් එම ප්‍රකාශය බැහැර කරන සභාපතිවරයා පවසන්නේ, ක්‍රීඩකයන්ට මෙවැනි දීමනාවක් ගෙවීම ආරම්භ වූයේ ඩී එස් ද සිල්වා පාලක මණ්ඩල සභාපති පදවිය දැරූ 2009 වර්ෂයේ සිට බවයි.

අයිසීසීය සංවිධානය කරන තරඟ සඳහා අන් බොහෝ රටවල් සම්පූර්ණ මුදලම ක්‍රීඩකයන්ට ගෙවන බව ක්‍රීඩකයන්ගේ පාර්ශවයෙන් මතු කරන තවත් තර්කයක්.

එහෙත් අන් රටවල් හා ශ්‍රී ලංකාව සංසන්දනය කිරීමෙන් වළකින්නැයි පාලක මණ්ඩලය ඉල්ලීමක් කරයි.

ක්‍රීඩක වැටුප් සම්බන්ධයෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයන් අතර මතුවුණ ගැටුම සම්පූර්ණයෙන්ම විසඳී නැති හැඩකුයි මේ අනුව පෙනී යන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.