ආණ්ඩුවේ ක්‍රියා කලාපය නිසා ශ්‍රී ලංකාව හුදෙකලා වෙලා - දයාන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 3 ඉරිදා - 18:20 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

යුද්ධයෙන් අනතුරුව ගතව ගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියා කලාපය ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව හුදෙකලා වීමට හේතු වී ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

UNHRC

ජාත්‍යන්තර වශයෙන් තවත් එවැනි උදාහරණ තිබියදී එක් රටකට පමණක් විශේෂ අවධානය යොමු කිරීම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවන බව ආචාර්ය ජයතිලක පවසයි

යුද්ධයෙන් අනතුරුව ගතව ගිය වසර කිහිපය තුල ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියා කලාපය ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව හුදෙකලා වීමට හේතු වී ඇතැයි හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙක් ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ 22 වැනි සැසිවාරයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව දැන දැනම ශ්‍රී ලංකා ආණ්ඩුව වගකීම් විරහිත ලෙසින් හැසිරී ඇති බව ආචාර්ය දයාන් ජයතිලක බීබීසී සංදේශයට පැවසීය.

"ඉතාම අමාරු තත්ත්වයකට තමයි ලංකාවේ ආණ්ඩුව විසින් විහින්ම වාගේ රට මේ මොහොතෙදි පත් කරලා තියෙන්නේ. විහින් කොන් වීමක් සහ කොනකට තමන්ව තල්ලු කර ගැනීමක් සිද්ද වෙලා තියෙනව," ඔහු පැවසීය.

'විහින් කොන් වීමක්'

මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට මුලින්ම ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් පළමු වරට ඉදිරිපත් වූ අවස්ථාවේ ජිනීවා නුවර සිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වූ ආචාර්ය ජයතිලක එම යෝජනාව පරාජය කිරීමට මූලික වූවන් අතරින් කෙනෙක්.

"ඉතාම අමාරු තත්ත්වයකට තමයි ලංකාවේ ආණ්ඩුව විසින් විහින්ම වාගේ රට මේ මොහොතෙදි පත් කරලා තියෙන්නේ. විහින් කොන් වීමක් සහ කොනකට තමන්ව තල්ලු කර ගැනීමක් සිද්ද වෙලා තියෙනව"

ආචාර්ය දයාන් ජයතිලක

යුද්ධයේ අවසාන අදියරේදී ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදු කරන ලද බවට චෝදනා කරන "යුද මුක්ත කලාපය" චිත්‍රපටය ජිනීවා නුවරදී ප්‍රදර්ශනය වීමෙන් අනතුරුව මානව හිමිකම් මණ්ඩලයට ඇමෙරිකාව විසින් ඉදිරිපත් කිරීමට සැරසෙන යෝජනාව තවත් දැඩි වීමේ ඉඩකඩක් පවතින බව ද ඔහු පවසයි.

එය ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ලෙසින් හඳුන්වා දීම කෙතරම් සාධාරණ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ කිසියම් රටක මානව හිමිකම් වර්ධනය කළ යුතු බව කීම එම රටට කෙරෙන සතුරු කමක් නොවන බවයි.

කෙසේ නමුත් එම යෝජනාව ඉදිරිපත් කරන රටේ ක්‍රියාකාරිත්වය එයට පටහැනි නම් සහ ජාත්‍යන්තර වශයෙන් තවත් එවැනි උදාහරණ තිබියදී එක් රටකට පමණක් විශේෂ අවධානය යොමු කිරීම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුවන බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.