"එවැනි තත්ත්වයක් තුල නිලධාරීන් සහ රැඳවියන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති වෙනවා. පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා මේක ඉතාම යෝග්‍ය ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ"
බන්ධනාගාර අමාත්‍යංශයේ ලේකම් ජී එස් විතානගේ
සිරකරුවන් උදෙසා සිරකරුවන් විසින් මෙහෙයවන බ්‍රිතාන්‍යයේ බන්ධනාගාර ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේත් සිරකරු පුනරුත්ථාපනය සඳහා යොදා ගත හැකි යහපත් ක්‍රියාදාමයක් බව බලධාරීහු පවසති.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
සිරකරුවන් උදෙසා සිරකරුවන් විසින් මෙහෙයවන බ්‍රිතාන්‍යයේ බන්ධනාගාර ගුවන් විදුලිය ශ්‍රී ලංකාවේත් සිරකරු පුනරුත්ථාපනය සඳහා යොදා ගත හැකි යහපත් ක්‍රියාදාමයක් බව බලධාරීහු පවසති.
ශ්‍රී ලංකා බන්ධනාගාර අමාත්‍යංශයේ ලේකම් ජී එස් විතානගේ බීබීසී සංදේශය සමඟ ඒ බව කියා සිටියේ සිරකරුවන් වෙනුවෙන්, දවසේ පැය විසිහතර පුරාම බ්‍රිතාන්‍ය බන්ධාගාරවලට ගුවන් ගත වන සිරකරු ගුවන් විදුලිය පිළිබඳ සංවාදයකට එක් වෙමින්.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගණනාවකම මෑතදී කැරලිකාරී තත්ත්වයන් හට ගත්තේය
එම ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදකයන්, තාක්ෂණ ශිල්පීන් මතු නොව නිවේදකයන්ද සිරකරුවන්ම වන අතර බ්‍රිතාන්‍යයේ වෘත්තීය ගුවන් විදුලි ශිල්පීන් පිරිසක් ඔවුන්ට සහාය වෙති.
"මම හිතන්නේ ඒක ඉතාම හොඳ ප්‍රවේශයක්. මොකද ඔවුන්ට තමන්ගේ දක්ෂතා වර්ධනය කර ගන්න හැකියාවක් තියෙනවා. මම හිතන්නේ මෙවැනි එකක් ලංකාවේ වුනත් පවත්වනවා නම් වඩා යහපත් කියල," අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
වර්තමානයේ සමස්ත බ්‍රිතාන්‍යය පුරා ගුවන් ගන්නා ජාතික ගුවන් විදුලි සේවයක් බවට පත්ව තිබෙන බන්ධනාගාර ගුවන් විදුලිය බ්‍රිතාන්‍යයේ මුලින්ම ආරම්භ වූයේ 1994 දී ෆෙල්තැම් බන්ධනාගාරයේ සිට ගුවන් ගත වූ රේඩියෝ ෆෙල්තැම් ලෙසින්.
තම බන්ධනාගාරයේ සිරගතව සිටි තරුණයන් විශාල පිරිසක් සියදිවි නසා ගැනීමට සහ තමන්ටම හානි කරගැනීමට පෙළඹීම පිළිබඳව අවධානය පළ කළ එහි අධිකාරීවරයාට යෝජනාවක් ඉදිරිපත් කළ ප්‍රදේශවාසීන් දෙදෙනෙක්, විශේෂයෙන්ම සිරකරුවන් මානසික ශක්තිය බිඳ වැටෙන රාත්‍රී කාලයේ ඔවුන්ගේ පාළුව බිඳීම පිණිස ගුවන් විදුලි වැඩ සටහනක් සම්පාදනය කිරීමට යෝජනා කළහ.
වර්තමානයේ එය බන්ධනාගාර තිහක් දක්වා ව්‍යාප්ත වී තිබේ.
බීබීසී ලෝක සේවයේ හිටපු මාධ්‍යවේදියෙකු වන ෆිල් මැගයර්ගේ නායකත්වයෙන් යුත් බන්ධනාගාර ගුවන් විදුලි සංගමය විසිනුයි ජාතික බන්ධනාගාර ගුවන් විදුලියේ පරිපාලන කටයුතු මෙහෙයවනු ලබන්නේ.
"එවැනි තත්ත්වයක් තුල නිලධාරීන් සහ රැඳවියන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති වෙනවා. පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා මේක ඉතාම යෝග්‍ය ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ"
බන්ධනාගාර අමාත්‍යංශයේ ලේකම් ජී එස් විතානගේ
සමාජයෙන් කොන්වී සිටින ජන කොටස්වලට හඬක් මැයෙන් සවුන්ඩ් ඩිලිවරි සංවිධානය විසින් පසුගිය සතියේ ලන්ඩනයේ සංවිධානය කොට තිබුණු සම්මන්ත්‍රණයකට එක්ව සිටි සංගමයේ ප්‍රධාන විධායක ෆිල් මැගයර් කියා සිටියේ, සිරකරුවන් විසින්ම මෙහෙයවන්නක් බැවින් සිය ගුවන් විදුලි නාලිකාව සිරකරුවන්ගේ විශ්වාසයට බඳුන් වී ඇති බවයි.
බන්ධනාගාර බලධාරීන් ද මෙම ගුවන් විදුලියට සම්පූර්ණ සහාය පළ කිරීම එහි සාර්ථකත්වයට අනෙක් ප්‍රධානම හේතුව බව පවසන ඔහු, සිරකරුවන්ගේ ප්‍රශ්න තම බන්ධනාගාරයේ ප්‍රධානීන්ගෙන් විමසීමට ඔවුනට හැකියාව සැලසීම එහි ප්‍රධාන අංගයක් බව ද කියා සිටියේය.
"එවැනි තත්ත්වයක් තුල දෙගොල්ල අතරේ, ඒ කියන්නේ නිලධාරීන් සහ රැඳවියන් අතර, අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති වෙනවා. පුනරුත්ථාපන ක්‍රියාවලිය සඳහා මේක ඉතාම යෝග්‍ය ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ," යනුවෙන් ද ශ්‍රී ලංකා බන්ධනාගාර අමාත්‍යංශයේ ලේකම් ජී එස් විතානගේ සඳහන් කළේය.
ෆිල් මැගයර් එම සම්මන්ත්‍රණයට එක් වී සිටියේ බ්‍රිතාන්‍යය ආදර්ශයට ගනිමින් ට්‍රිනිඩෑඩ් සහ ටුබැගෝ රාජ්‍යයේද බන්ධනාගාර ගුවන් විදුලියක් පිහිටුවීමට ආධාර කිරීමෙන් අනතුරුවයි.
බලධාරීන්ගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් බන්ධනාගාර ගුවන් විදුලියක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවට ආධාර කිරීමට තමන් සූදානම් බව ද ෆිල් මැගයර් සංදේශයට පැවසීය.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.