බ්‍රිතාන්‍යයේ සඳකඩ පහණ 'අනුරාධපුර යුගයට සමානයි'

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 15 සිකුරාදා - 12:13 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බ්‍රිතාන්‍යයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබෙන සඳකඩ පහණ ක්‍රිස්තු වර්ෂ 800-900 දී අනුරාධපුර යුගයේ දක්නට ලැබෙන ඇතැම් සඳකඩ පහණ්වල කලාත්මක ස්වරූපයට සමාන බව විශේෂඥයෝ පවසති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

A moon-stone

ශ්‍රී ලංකාවේ පුරාවස්තු පිලිබඳ අංග සම්පූර්ණ වාර්තාවක් නොමැති බව විශේෂඥයෝ පෙන්වා දෙති

බ්‍රිතාන්‍යයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබෙන සඳකඩ පහණ ක්‍රිස්තු වර්ෂ 800-900 දී අනුරාධපුර යුගයේ දක්නට ලැබෙන ඇතැම් සඳකඩ පහණ්වල කලාත්මක ස්වරූපයට සමාන බව විශේෂඥයෝ පවසති.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක විජේරත්න බෝහින්ගමුව ඒ බව ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සමඟ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබෙන සඳකඩ පහණ නැරඹීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

"ඒක අනුරාධපුරෙන් අරගෙන ආව එකක් ද නැද්ද කියන කාරණාව එහෙම ලේසියෙන් තීරණය කරන්න අමාරුයි," ඔහු පැවසීය.

එම සඳකඩ පහණ ශ්‍රී ලංකාවෙන් රැගෙන ආවක් බව තහවුරු වුවහොත්, 1970 දී සම්මත වූ යුනෙස්කෝ සම්මුතියට අනුකූලව නීතිවිරෝධී ලෙසින් රැගෙන ආ කෞතුක භාණ්ඩ තබා ගැනීම අපරාධ ක්‍රියාවක් ලෙසින් සැලකෙන බව ද රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජේරත්න බෝහින්ගමුව ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍යය ද 2002 දී එම සම්මුතියට අත්සන් තබා තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුරාවස්තු පිලිබඳ අංග සම්පූර්ණ වාර්තාවක් නොමැති වීම මෙම සඳකඩ පහණ ශ්‍රී ලංකාවෙන් රැගෙන ආවක්ද යන්න පිලිබඳ පරීක්ෂණයට ප්‍රබල බාධකයක් විය හැකි බව ද විශ්ලේෂකයෝ පවසති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.