ලොව පස් වැනි ස්ථානය ලැබීම විශාල ජයග්‍රහණයක් - ශෂිකලා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 11 සඳුදා - 15:52 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස් වැනි හොඳම කණ්ඩායම ලෙසින් ශූරතාවලිය අවසන් කිරීමට ලැබුණ හොත් එය විශාල ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව පවසන්නීය.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ලෝක ශ්‍රේණිගත කිරීම්වල හත් වැනි ස්ථානය දරමින් ජගත් ලෝක කුසලානයට එක් වූ තම කණ්ඩායමට ලොව පස් වැනි හොඳම කණ්ඩායම ලෙසින් ශූරතාවලිය අවසන් කිරීමට ලැබුණ හොත් එය විශාල ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව පවසන්නීය.

ICC Women's World Cup

කාන්තාවන්ට ද පුරුෂයන්ට හා සමානව පහසුකම් සැපයීමට ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීන් ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි ශෂිකලා බලාපොරොත්තු පළ කරන්නීය

ඕස්ට්‍රේලියානු කාන්තා පිලට එරෙහිව ඉරිදා පැවති තරඟයේදී අන්ත පරාජයට පත්වීමෙන් අනතුරුව මුම්බායේ සිට බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනුයි, ශෂිකලා සිරිවර්ධන ඒ බව කියා සිටියේ.

ඒ සමඟම ප්‍රධාන ශූරතාවලියෙන් ඉවත්ව ගිය ද ලෝක ශ්‍රේණිගත කිරීම් තීරණය කිරීම පිණිස ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ යලිත් තරඟ වැදීමට නියමිතයි.

කාන්තාවන්ට ද පුරුෂ කණ්ඩායම් හා සමානව පහසුකම් සැපයීමට ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරීන් ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු පළ කරන ශෂිකලා සිරිවර්ධන, එවැනි පහසුකම් ලබා ගැනීම පිණිස උසස් දස්කම් දැක්වීම ක්‍රීඩිකාවන්ගේ යුතුකම බව ද පවසන්නීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලානයේදී දැක්වූ දස්කම් සහ 1996 දී ශ්‍රී ලංකා පුරුෂ කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීම අතර කෙරෙන සංසන්දනයන් පිළිබඳව සඳහන් කරමින් නායිකාව කියා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට එවැනි වින්දනයක් ලබා දීමට හැකිවීම පිළිබඳව කණ්ඩායම අතිශය ප්‍රීතියට පත් වන බවයි.

"ලොකු සතුටක් ඒක කියල නිම කරන්න බෑ," ඇය පවසන්නීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.