ලෝක ශූර එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ලැබීම තම ජීවිතයේ වාසනාවන්තම මොහොතක් බව පවසන ශෂිකලා සිරිවර්ධන, එම ජයග්‍රහණය අහම්බයක් නොවීමට උත්සාහ දැරීම කණ්ඩායමේ උත්සාහය බව ද පවසන්නීය.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
කාන්තා ජගත් කුසලානයේදී ලෝක ශූර එංගලන්ත කණ්ඩායම පරාජය කිරීමට ලැබීම තම ජීවිතයේ වාසනාවන්තම මොහොතක් බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව, එම ජයග්‍රහණය අහම්බයක් නොවීමට උත්සාහ දැරීම කණ්ඩායමේ උත්සාහය බව ද පවසන්නීය.

දෙවැනි වටයට පමණක් නොව අවසාන මහා තරඟය දක්වා සුදුසුකම් ලැබීම කණ්ඩායමේ බලාපොරොත්තුව බවත් නායිකාව පවසන්නීය
ශෂිකලා සිරිවර්ධන එම අදහස් පළ කළේ ඉන්දියාවේ පැවැත්වෙන ජගත් කුසලාන මූලික වටයේ තරඟයේදී ලෝක ශූරයන් පරාජය කිරීමෙන් අනතුරුව බීබීසී සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින්.
පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කළ කණ්ඩායම සහ මෙවර තරඟ වදින කණ්ඩායමේ සාමාජිකයන් අතර විශාල වෙනසක් නැතත්, ප්‍රධානම වෙනස කණ්ඩායමේ මානසික ශක්තිය වර්ධනය කිරීමට කළමනාකාරිත්වය ඇතුළු බලධාරීන් බව ද නායිකා ශෂිකලා සිරිවර්ධන පවසන්නීය.
ශූරතාවලියේ දෙවැනි වටයට සුදුසුකම් ලැබීමට නම් තවත් එක් තරඟයක් හෝ ජය ගත යුතු බවත්, දෙවැනි වටයට පමණක් නොව අවසාන මහා තරඟය දක්වා සුදුසුකම් ලැබීම කණ්ඩායමේ බලාපොරොත්තුව බවත් නායිකාව සඳහන් කළාය.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.