ලෝක වාර්තා පිට වාර්තා තියන ලංකාවේ සූපවේදියා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 25 සිකුරාදා - 17:01 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දිමුතු කුමාරසිංහ, ඔලිම්පික් තරඟවලදී මෙන්ම වෙනත් ලෝක ශූරතාවලීන්හිදී ද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මාන දිනා දුන් තරුණ සූපවේදියෙක්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දිමුතු කුමාරසිංහ, ජාත්‍යන්තර සම්මානලාභී තරුණ සූපවේදියෙක්.

ලෝක සූපවේදී ඔලිම්පික් තරඟාවලියකදී එකවර රන් පදක්කම් පහක් සහ සූපවේදීන්ගේ ලෝක ශූරතාවලියකදී රන් පදක්කම් හතරක් දිනූ එකම සූපවේදියා තමන් බව ඔහු ප්‍රකාශ කරයි.

Dimuthu Kumarasinghe with his gold medals

2004 දී පුද්ගලිකව රන් පදක්කම් පහක් දිනා ගැනීමෙන් අනතුරුව පසුගිය වසරේ ජර්මනියේ පැවති ඔලිම්පික් තරඟාවලියේදී රන් පදක්කම් 15 ඇතුළු සම්මාන රාශියක් ශ්‍රී ලංකාව කණ්ඩායමට දිනා දීමට හැකිවීම පිළිබඳව ආඩම්බර වන බව දිමුතු කුමාරසිංහ බීබීසී සංදේශයට පැවසීය.

1989 දී ආධුනික සූපවේදියෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ දිමුතු, බහරේන් සහ ඩුබායි රාජ්‍යවල වසර ගණනාවක් සේවය කොට 2000 වසරේ සිට එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සේවය කරන ඔහු, වර්තමානයේ එම සමාගමේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ සහ මාලදිවයිනේ පිහිටි හෝටල් සමූහයේ නිපුණතා සංවර්ධන සූපවේදියායි.

සිය වැඩිමහල් සොහොයුරාගේ මඟ පෙන්වීම යටෙතේ සූපවේදී ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඔහුගේ බාල සොහොයුරාද සූපවේදියෙක්.

එදා මෙදා තුර දිනූ සම්මාන හැරෙන්නට දිමුතු තවත් අපූරු නිර්මාණයක ද හිමිකරුවක්. ලෝකයේ මිල අධිකම කේක් ගෙඩියයි ඒ. මැණික් ඔබ්බවා නිර්මාණය කරන ලද එම කේක් ගෙඩියේ වටිනාකම ඩොලර් මිලියන 35 ක්.

පිට පිට ජාත්‍යන්තර සම්මාන දිනීමෙන් අනතුරුව, රටවල් ගණනාවකින් ආරාධනා ලැබුනත් කිසි දින ශ්‍රී ලංකාව අත් හැර නොයන බව දිමුතු කුමාරසිංහ සංදේශයට පැවසීය.

2016 දී ජර්මනියේ පැවැත්වීමට නියමිත ලෝක සූපවේදී ඔලිම්පික් තරඟාවලිය සඳහා ගුවන් යානයක් පුරවා ගෙන සූපවේදීන් රැගෙන ගොස් ශූරතාවලියේ සියලු සම්මාන ශ්‍රී ලංකාවට දිනා දීම තමාගේ බලාපොරොත්තුව බව ද ඔහු පවසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.