සින්දු කියා මාළු විකුණා ගීත තැටියක් නිපදවූ පාකිස්තාන වෙළෙන්දා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 22 අඟහරුවාදා - 18:09 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සින්දු කියමින් ලන්ඩන් වෙළඳපොලේ මාළු විකිනූ මොහමඩ් ෂහීඩ් නසීර් දැන් ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත සංගීත ලෝලීන් පිනවන ජනප්‍රිය ගායකයෙක්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සින්දු කියමින් ලන්ඩන් වෙළඳපොලේ මාළු විකිනූ මොහමඩ් ෂහීඩ් නසීර් දැන් ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත සංගීත ලෝලීන් පිනවන ජනප්‍රිය ගායකයෙක්.

ෂහීඩ් නසීර් ලන්ඩනයට පැමිණියේ උසස් අධ්‍යාපනය හදාරමින් රැකියාවකත් නිරතවීම සඳහා.

ලන්ඩන් මාළු වෙළඳපොලේ ඔහු ගී ගයමින් මාළු විකුණන අන්දම වීඩියෝ ගත කල කිසිවෙකු එය යූ ටියුබ් වෙබ් අඩවියේ පළ කිරීමෙන් අනතුරුව ෂහීඩ් නසීර් මුහුණ දුන්නේ අනපේක්ෂිත තත්ත්වයකට.

Fish seller

සින්දු කියමින් ලන්ඩන් වෙළඳපොලේ මාළු විකිනූ මොහමඩ් ෂහීඩ් නසීර් දැන් ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත සංගීත ලෝලීන් පිනවන ජනප්‍රිය ගායකයෙක්

ලොව පුරාම ලක්ෂ විස්සකට ආසන්න ජනකායක් එම වීඩියෝ පටය නැරඹීමත් සමඟම එය යූ ටියුබ් අඩවියේ වැඩියෙන්ම නැරැඹු වීඩියෝ පට අතරට එක්ව තිබෙනවා.

ඉන් අනතුරුව ගීත තැටියක් නිපදවන මෙන් මේ පාකිස්තාන ජාතික මාළු වෙළෙන්දාට ජාත්‍යන්තර ගීත තැටි නිෂ්පාදකයෙකුගෙන් ආරාධනාවක් ලැබෙනවා.

"කෑ ගගහ මාළු විකුනනවා කියන එක ලේසි රස්සාවක් නෙවෙයි. හොඳ රස්සාවකුත් නෙවෙයි. එත් මම සින්දු කියල මාළු විකුනන්න පටන් ගත්තම හැමෝම ඒක රසවිඳින්න පටන් ගත්තා. මම ඉස්සෙල්ලම මගේම සින්දුවක් හැදුවා," ඔහු පවසයි.

"මිනිස්සු පුදුම විදියට ඒ සින්දුවට කැමති වුනා. මගේ සින්දුව අහන්න හැම පලාත්වලින්ම මිනිස්සු එන්න ගත්තා. ඇවිල්ල වීඩියෝ කරන්න ගත්තා. ෆොටෝ ගත්තා. ඒගොල්ලන්ගේ සමරු පොත්වල මට අත්සන් කරන්න කිවුවා."

ලොව පුරා නම රැන්දූ ජස්ටින් බීබර් සහ ඇලීෂා ඩික්ෂන් වැනි ගායන ශිල්පීන් පවා දැන් ඔහුගේ ගීතය ගයන්නත් පෙළඹිලා.

"යූ ටියුබ් එකේ මගේ වීඩියෝ දැක්කම, ඒ ගැන මිනිස්සු කියපු දේවල් දැක්කම මට විශ්වාස කරන්නවත් බෑ. දවසක් ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙක් ආව. ඇවිල්ල මට කියනවා ඉස්කෝලේ හැම දරුවෙක්ම වන පවුන්ඩ් ෆිෂ් කියා කියා සින්දු කියනවලු," ඔහු කියයි.

"සින්දු කියන එක පොඩි කාලේ ඉඳලම මගේ විනෝදාංශය. සින්දු කියන්න මම තාමත් ආසයි. මුළු දවසම වුනත් මට සින්දු කිය කිය ඉන්න පුළුවන්."

අදින් මාස කිහිපයකට පෙර ලන්ඩන් මාළු වෙළඳපොලේ මාළු විකුනූ ඔහු අද ලොව ජනප්‍රිය ගායකයෙක්.

වෝනර් මියුසික් ජාත්‍යන්තර ගීත තැටි සමාගම සමඟ එක්වී පසුගිය දෙසැම්බරයේ නිකුත් කළ ගීත තැටිය ඉතා ඉක්මනින්ම යුරෝපයේ ද බෙදා හැරීමට ඔහු සූදානම්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.