"පණපිටින් එවන්න බැරි වුනානම් මගේ දරුවාගේ මළ සිරුර වත් ගෙනත් නොදුන්නේ ඇයි?," යනුවෙන්ද රිසානා නෆීක්ගේ මව, සෙයියදු අහම්මදු රෙසීනා ආණ්ඩුවෙන් විමසන්නීය.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
සිය දියණිය මරා දැමීමට මොහොතකට පෙර හෝ අවසාන වතාවටවත් ඇගේ මුහුණ බැලීමට තමන්ට අවස්ථාවක් නොදුන්නේ මන්දැයි රිසානා නෆීක්ගේ මව සංවේගයෙන් යුතුව සවුදි අරාබියේ සහ ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් විමසන්නීය.

"පණපිටින් එවන්න බැරි වුනානම් මගේ දරුවාගේ මළ සිරුර වත් ගෙනත් නොදුන්නේ ඇයි?," යනුවෙන්ද සෙයියදු අහම්මදු රෙසීනා මාතාව විමසන්නීය
"මොන හිතකින් මොන වරදකට මගේ ලොකු දුව මරල දැම්මද, අන්තිම මොහොතේවත් එයාගේ මුහුණ බලන්න මට අවස්ථාවක් නොදුන්නේ ඇයි දෙවියනේ," සෙයියදු අහම්මදු රෙසීනා වේදනා බරිතව ප්‍රශ්ණ කරන්නීය.
සිය දියණිය මරුමුවට පත්වීමෙන් අනතුරුව පළමුවරට නිවසින් පිටතට පැමිණි මාතාව සිය වේදනාව පිටකළේ මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස බීබීසී සංදේශය වෙනුවෙන් මුත්තූර්හි පිහිටි ඔවුන්ගේ නිවසට ගිය අවස්ථාවේ.
තමා භාරයේ සිටි අත දරුවෙකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරුව, වසර අටකට ආසන්න කාලයක් අත් අඩංගුවේ පසුවූ රිසානා පසුගිය බදාදා සවුදි අරාබියේදී හිස ගසා මරා දැමිණ.
"පණපිටින් එවන්න බැරි වුනානම් මගේ දරුවාගේ මළ සිරුර වත් ගෙනත් නොදුන්නේ ඇයි?," යනුවෙන්ද සෙයියදු අහම්මදු රෙසීනා මාතාව ආණ්ඩුවෙන් විමසන්නීය.
රිසානාගේ සහෝදර සහෝදරියන්ට පාසල් යාමට අවශ්‍ය පහසුකම් සලසා දීමට හෝ දැන්වත් බලධාරීන් කටයුතු කළ යුතු බව, රිසානාගේ මාමා ජායම් එම් ලරීෆ් සංදේශයට කියා සිටියේය.
රිසානා නෆීක් ගේ හිස ගසා මරා දැමීමෙන් අනතුරුව දහස් ගණන් ජනතාව එම නිවසට ඇදී එමින් සිටින බවද ආර්ජී ධර්මදාස පවසයි.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.