ලොව පුරා පියානෝවෙන් පෙළහර පාන ලාංකීය සංගීත ශිල්පිණිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 ජනවාරි 7 සඳුදා - 18:18 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවක පියානෝවෙන් පෙළහර පාන ආචාර්ය ටාන්යා ඒකනායක පියානෝ වාදන ශිල්පිනියක් මතු නොව, සංගීත ශිල්පිණියක්, ගාන්ධර්ව විද්‍යා ගුරුවරියක් මෙන්ම වාග් විද්‍යා ගුරුවරියක්.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක පියානෝවෙන් පෙළහර පාන ආචාර්ය ටාන්යා ඒකනායක පියානෝ වාදන ශිල්පිනියක් මතු නොව, සංගීත ශිල්පිණියක්, ගාන්ධර්ව විද්‍යා ගුරුවරියක් මෙන්ම වාග් විද්‍යා ගුරුවරියක්.

සිය පියානෝ නිර්මාණ රැගත් තැටියක් එලි දක්වන මෙන් ටාන්යාට ආරාධනාවක් ලැබෙන්නේ පසුගිය නොවැම්බරයේදී ලන්ඩන් පුරවරයේ සෙන්ට් මාටිනස් ඉන් ද ෆීල්ඩ්ස් හිදී දෙවැනි වරටත් ප්‍රසංගයක් ඉදිරිපත් කළ අවස්ථාවේදී.

Tanya Ekanayaka

ලන්ඩනයේ ඉහල පෙලේ පියානෝ වාදකයන් පෙළහර පාන සෙන්ට් මාටිනස් ඉන් ද ෆීල්ඩ්ස් සහ ඇමෙරිකාවේ කෙනඩි මධ්‍යස්ථානයේදී සංදර්ශන පැවැත්වීමට ටාන්යා ඒකනායක වරම් ලැබුවා

ශ්‍රී ලාංකීය පියානෝ ශිල්පියෙකු හෝ ශිල්පිනියක විසින් ජාත්‍යන්තර වශයෙන් එලි දක්වන පළමු ස්වතන්ත්‍ර සංගීත තැටිය එයයි.

මෙම ඇල්බමය සඳහා තමාගේ පැරණි නිර්මාණ මෙන්ම නව නිර්මාණයන්ද ඉදිරිපත් කිරීමට සූදානම් බව ලොව පුරා නම රැන්දූ ලාංකීය පියානෝ ශිල්පිනිය බීබීසී සංදේශයට කියා සිටියා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දියණියක ලෙසින් මහනුවරදී ජන්ම ලාභය ලැබූ ටාන්යා, සිය පියා සේවය කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේම ගුරුවරියක වීමේ භාග්‍යයද ලැබුවා.

ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයකින් පිදුම් ලැබූ ආචාර්ය ටාන්යා ඒකනායක, වර්තමානයේ එහි ආචාර්යවරියක ලෙසින් සේවය කරනවා.

ලන්ඩනයේ ඉහල පෙලේ පියානෝ වාදකයන් පෙළහර පාන සෙන්ට් මාටිනස් ඉන් ද ෆීල්ඩ්ස් සහ ඇමෙරිකාවේ කෙනඩි මධ්‍යස්ථානයේදී සංදර්ශන පවත්වන මෙන් ටාන්යාට ආරාධනාවක් ලැබෙන්නේ මේ අතරවාරයේදී.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.