මාතලේ රෝහල් භූමිය අසලින් හමු වූ මිනිස් ඇට සැකිලි 89-90 භීෂණ සමයේ මරා දැමුණු ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ දැයි සැක මතුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
මාතලේ රෝහල් භූමිය අසලින් හමු වූ මිනිස් ඇට සැකිලි 89-90 භීෂණ සමයේ මරා දැමුණු ජවිපෙ ක්‍රියාකාරිකයන්ගේ දැයි සැක මතුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
මිනිස් ඇට කටු විසි ගණනක් පසුගියදා මාතලේ රෝහල් භූමියෙන් හමුවූ අතර ඒවා වැඩිහිටියන්ගේ හෝ දරුවන්ගේ නොව තරුණ පිරිස්වල ඇට සැකිලි බව හෙළිවී තිබෙන බවයි, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක බීබීසී සංදේශයට කියා සිටියේ.
එමෙන්ම භීෂණ සමයේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා මාතලේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය "වධකාගාර" වලින් දිවි බේරාගත් පුද්ගලයන් තම පක්ෂයේ සිටින බවද එකල ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කැරැල්ලේ සාමාජිකයකු ද වූ සේනාධීර ගුණතිලක පැවසීය.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.