මහාචාර්ය කාලෝ ෆොන්සේකා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 24 බදාදා - 11:38 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

චාල්ස් ඩාවින් විසින් ග්‍රන්ථාරූඪ කරන ලද The Origin of Species සමගින් පොතකින් පිටුවක් හා එක්වන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

චාල්ස් ඩාවින් විසින් ජීවීන්ගේ පරිණාමය ලොවට හඳුන්වා දෙමින් ග්‍රන්ථාරූඪ කරන ලද The Origin of Species සමගින් පොතකින් පිටුවක් හා එක්වන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා.

කායික විද්‍යා විශේෂඥ කාලෝ ෆොන්සේකා මුලික අධ්‍යාපනය හදාළේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන්. කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ද්විතීයික අධ්‍යාපනය හමාර කොට ඔහු වෛද්‍ය විද්‍යාර්ථියකු ලෙසින් කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වුයේ පළමු උපාධිය සඳහා. වර්ධක හෝමෝන සම්බන්ධයෙන් කළ නිබන්ධනයකටයි ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්ව විද්‍යාලය ඔහු ආචාර්ය උපාධියෙන් පුද කළේ. වෛද්‍ය විද්‍යාවේ මූලික සිද්ධාන්ත වසර ගණනාවක් තිස්සේ ඉගැන්වූ ඇදුරුතුමෙක් කාලෝ. විද්‍යාත්මක ආකල්ප ලාංකේය ජනතාව වෙත ගෙන ඒමේ අරමුණින් ඒබ්‍රහම් ටී කොවුර් විසින් හැටේ දශකයේදී පිහිටුවන ලද හේතුවාදී සංගමයේ පුරෝගාමී සාමාජිකයකු වූ කාලෝ ෆොන්සේකා, අද දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපති වරයායි. චාල්ස් ඩාවින් 1859 දී එළි දැක්වූ Origin of species ග්‍රන්ථයේ පළමු මුද්‍රණයේ පිටපතකුයි ලංකා සම සමාජ පක්ෂයේ මුල් පෙළේ ක්‍රියාධරයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අත ඇත්තේ. තමන් ලියු ගීත සමුච්චයක් කාලෝ ෆොන්සේකා විසින් එළි දක්වා ඇත්තේ 'කාලෝචිත ගී' නමින්.

චාල්ස් ඩාවින්

ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාවින් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා මුලින්ම සරසවි ගියේ කාලෝ ෆොන්සේකා හට ආචාර්ය උපාධිය ප්‍රදානය කළ එඩින්බරා විශ්ව විද්‍යාලයට. දෙවසරක් තුළ දී උගැන්ම අත් හළ ඩාවින් කේම්බ්‍රිජ් සරසවියට ඇතුල් වූවත් ආකාරගත අධ්‍යාපනය ඔහුගේ සිත් ගත්තේ නැහැ. හැත්තෑ තුන් වැනි වියේදී හෘදයාබාධයකින් මිය යන විට චාල්ස් ඩාවින් විසින් පළ කොට තිබු කෘති සංඛ්‍යාව විසිපහ ඉක්මවයි. 1831 දී සරසවියෙන් පිටවූ ඔහු ඒ වසරේ දෙසැම්බරයේ බ්‍රිතාන්‍යයෙන් දියත් කළ බීගල් නෞකාවේ පස් වසරක් පුරා යාත්‍රා කොට දේශ දීපාන්තර වලින් එක් රැස් කොට ගත් දත්ත ඇසුරින් කළ යුගකාරක ග්‍රන්ථයයි The Origin of Species.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.