පණ්ඩිත් ශාන්ති ගීතදේව

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 3 බදාදා - 11:47 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

විෂ්ණු නාරායන් භාත්ඛන්ඩේ පඬිතුමන් විසින් සංගෘහිත ග්‍රන්ථ මාලාවක් සමගින් නාදපති පණ්ඩිත් ශාන්ති ගීතදේවයන් පොතකින් පිටුවක් රස ගන්වන්නට එක්වන මොහොත.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

හින්දුස්තානි රාගධාරී සංගීතය ප්‍රචලිත කිරීමේ මහා කාර්යභාරයේ නියමු විෂ්ණු නාරායන් භාත්ඛන්ඩේ පඬිතුමන් විසින් සංගෘහිත ග්‍රන්ථ මාලාවක් සමගින් නාදපති පණ්ඩිත් ශාන්ති ගීතදේවයන් පොතකින් පිටුවක් රස ගන්වන්නට එක්වන මොහොතයි මේ.

මහනුවර ශාන්ත අන්තෝනි හා කිංස්වුඩ් දෙ විදුහලින් අකුරු කොට සංගීතය හදාරනු වස් කොළඹ පැමිණි ශාන්ති ගීතදේවයන් හට මුල් ගුරු වූයේ සංගීත පති මොහමඩ් ගවුස්. ලයනල් එදිරිසිංහ, බී එස් විජේරත්න, පී ඩන්ස්ටන් ද සිල්වා ඈ සංගීත වේදීන් වෙතින් ගායනයත් ජේ එල් සොයිසා ගුරුතුමන් වෙතින් තබ්ලා වාදනයත් හදාරා ගීතදේවයන් වැඩිදුර සංගීත ශාස්ත්‍ර ගවේෂණය සඳහා භාරතය බලා පිටත් වී. ඊට පළමු 1955 දී සිරිසේන විමලවීරයන් අධ්‍යක්ෂණය කළ පොඩිපුතා චිත්‍රපටයේ තේමා ගායනය ලෙසින් ටී. එෆ්. ලතීෆ් හා ඇම්. ජී. සුගතදාස ගේ සංගීතය සමගින් තරානා ශෛලීයෙන් මාල් කෞන්ස් රාගය ඉදිරිපත් කිරීමයි ශාන්ති ගීතදේවයන්ගේ මුල්ම චිත්‍රපට ගායනය. බොම්බායට ගොස් උස්තාද් විලායත් හුසේන් ඛාන් ගේ මූලිකත්වයෙන් යුත් අග්‍රා ගුරු කුලයේ ශාස්ත්‍රීය සංගීත ශිල්පොද්ග්‍රහණයේ නියැලි සමයේම ශාන්ති ගීතදේවයන් ලක්නව්හි භාත්ඛන්ඩේ සංගීත පීඨයේ කේ ජී ගින්ඩේ, සී ආර් ව්‍යාස් හා ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන රතන්ජන්කර් යන පඬිවරුන් යටතේ ගායනයත් උස්තාද් අල්ලා රක්ඛා යටතේ තබ්ලා වාදනයත් ප්‍රගුණ කළේයි.

ඉන්දියාවේ මුල්ම වතාවට ශාස්ත්‍රීය සංගීත අධ්‍යයනය සඳහා විද්‍යාලයක් පිහිටවුයේ පණ්ඩිත් විෂ්ණු දිගම්බර් පලුස්කර්. එය හැඳින්වුණේ ගාන්ධර්ව මහා විද්‍යාලය නමින්. ඉන් අනතුරුව ලක්නව්හි දෙවැනි සංගීත පාසල ස්ථාපනය කළේ පණ්ඩිත් විෂ්ණු නාරායන භාත්ඛණ්ඩේ. භාත්ඛන්ඩේ පඬිතුමන් හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය විදාරණය කරමින් රාගධාරී සංගීතය උගැන්ම සඳහා ලියන ලද ග්‍රන්ථ මාලාවයි සම්භාව්‍ය සංගීතයේ සිද්ධාන්ත රැගත් ග්‍රන්ථ කීපයක් මෙන්ම රාගධාරී සංගීතය පිලිබඳ ඉංග්‍රීසි ශබ්ද කෝෂයක් ද සම්පාදනය කොට ඇති ශාන්ති ගීතදේවයන් ගේ තේරීම.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.