පුහුණුවීම සඳහා නිසි පහසුකම් ලැබෙන්නේ නම් උසස් දස්කම් දැක්වීම තම අධිෂ්ඨානය බව ලන්ඩන් ඔලිම්පික් උළෙලට තරඟ වදින ආබාධිත ක්‍රීඩකයෝ අවධාරණය කරති.
මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය
ලන්ඩන් ආබාධිත ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන සත් පුද්ගල ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නායකත්වය දෙන්නේ පත්තිවිල ආරච්චිලාගේ ලාල් පුෂ්පකුමාර විසින්.

දැනට ශ්‍රී ලංකා හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරන ලාල් පුෂ්පකුමාරගේ බලාපොරොත්තුව තමන් තරඟ වදින දෙවැනි ඔලිම්පික් තරඟාවලියේදී හෝ ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දීමයි. තමන් තරඟ වදින උස පැනීමේ ඉසවුවෙන් ලෝකයේ සිවු වැනි ස්ථානයයි, ඔහුට හිමි වන්නේ.
කිලිනොච්චියේදී එල්ටීටීඊ වෙඩි ප්‍රහාරයකින් පදයක් අහිමි වූ දොඹගොඩ ලියනගේ ලෙස්ලි කුමාර ඔලිම්පික් උළෙලට තරඟ වදින්නේ දණහිසට ඉහලින් පාදයක් අහිමි තරඟකරුවන් සමඟ උස පැනීමේ ඉසවුවෙන්. සිය ඉසවුවෙන් ලෙස්ලි කුමාර හිමිවන්නේ ලොව පස්වැනි ස්ථානයයි.
අමරා ඉන්දුමතී කරුණාතිලක ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආබාධිතයන්ගේ ඔලිම්පික් උළෙලකට එක්වන ප්‍රථම ක්‍රීඩිකාවයි.

දුර පැනීම සහ මීටර 200 හා 400 දිවීම අංශවලින් තරඟ වදින ප්‍රදීප් සංජය එක් අතක් අහිමි හෝ පණ නැති අංශයෙන් ලෝක ශ්‍රේණිගත කිරීම් වල මීටර 400 දිවීමෙන් පස්වැනි ස්ථානය හිමිකරගෙන සිටී. පුහුණුවීම සඳහා පහසුකම් ලැබෙන්නේ නම් දැනට වඩා දස්කම් දැක්විය හැකි බවයි, ඔහු පවසන්නේ.
ඒ අදහස අනුමත කරන ලාල් පුෂ්පකුමාර පවසන්නේ විශේෂයෙන්ම ප්‍රධාන ඔලිම්පික් උළෙලට ද තරඟ වදිමින් පසුගියදා ඉතිහාසයට එක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස් තම ප්‍රශංසාව හිමිවන බවයි.
ඔලිම්පික් උළෙල සඳහා පවා පුහුණුවීමට සිදුවූයේ කිහිලිකරුවේ ආධාරයෙන් බව පවසන කණ්ඩායමේ නායකයා, පුහුණුවීම සඳහා නිසි පහසුකම් ලැබෙන්නේ නම් උසස් දස්කම් දැක්වීම තම අධිෂ්ඨානය බව ද අවධාරණය කරයි.

උපතින්ම පාදයේ ආබාධයක් සහිත දුමීර මධුරංග අල්විස් ඔලිම්පික් තරඟයට එක්වන්නේ මීටර 100 සහ 200 ඉසවුවලින්.
ඔස්කාර් පිස්ටෝරියස් ගේ අධිෂ්ඨානය දුමීර මධුරංගගේ ප්‍රශංසාවට ලක්වෙනවා.
කෙසේ වුවත් ආබාධිතයන් කෙරෙහි සමස්ත සමාජයේම පවතින ආකල්පවල වෙනසක් තිබිය යුතු බවයි අමරා ඉන්දුමතී මේ අතර පවසන්නේ.
BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ
මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම් style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.