මහාචාර්ය පියසීලි විජේමාන්න

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 5 ඉරිදා - 11:06 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මහාචාර්ය පියසීලි විජේමාන්න කියවන්නේ අනුරසිරි හෙට්ටිගේ ලියූ කළුවරයි පුරහඳ.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මහාචාර්ය පියසීලි විජේමාන්න කියවන්නේ අනුරසිරි හෙට්ටිගේ ලියූ කළුවරයි පුරහඳ.

ගමේ පාසලින් උසස් පෙළ දක්වා උගෙන 1962 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල්වූ පියසීලි විජේමාන්න ශාස්ත්‍ර ගවේෂණය සඳහා තෝරා ගත්තේ බාලේ සිට සිත් ගත් විෂය සිංහල. සිංහල විශේෂ වේදී උපාධිය දිනා එම විශ්ව විද්‍යාලයේම කථිකාචාර්ය පදවියකට තෝරා ගනු ලැබූ ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළු වූයේ වාග් විද්‍යා අධ්‍යයනය සඳහා. එහිදී ඇය ආචාර්ය උපාධියෙන් පුද ලද්දේ ගුරුළුගෝමීන්ගේ අමාවතුරෙහි වාක්‍ය රටා විවරණය කළ නිබන්ධනයට. පෙරලා ලංකාවට පැමිණ පේරාදෙනි සරසවියේ සිසුනට මග පෙන්වීම යලි ඇරඹු මහචාරිනී පියසීලි විජේමාන්න එහි ශිෂ්‍ය උපදේශන සේවාවේ මුල්ම ශිෂ්‍ය උපදේශිකාවයි. ඇගේ නිර්මාණ සම්මානයෙන් සම්භාවනාවට පත්වී ඇති අතර කෙටිකතා කිහිපයක්ම සිංහල විෂය නිර්දේශයට ඇතුලත්.

2011 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සඳහා නිර්දේශිත නවකතාවක් අනුරසිරි හෙට්ටිගේ ලියු කළුවරයි පුරහඳ. යොවුන් නවකතා කීපයක ද කතුවර අනුරසිරි හෙට්ටිගේ ගේ රන් සිරිමල් නවකතාව
හොඳම යොවුන් නවකතාව ලෙස ගොඩගේ සම්මානයට පාත්‍ර වූවක්. ඒ ඇසුරෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමගාමීව ගයා රම්‍ය අල්විස් නිමැවූ ටෙලි නාට්‍යයයි රන් සිරිමල්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.